
(රෝෂන් තුෂාර)
විදෙස් ත්‍රස්ත සංවිධාන වල අවශ්‍යතාවය මත විදෙස් සංචාරකයින් ගැවසෙන ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් මෙරට තුළ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් සකස් කළේ යැයි සැක කෙරෙන තවත් සැකකරුවන් දෙදෙනෙකු (ආරක්ෂක ඇමති) ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි දින 90ක් රඳවා ප්‍රශ්න කරමින් ඉදිරි විමර්ශන සිදු කරන බව බව රහස් පොලිසියේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කරුණු දක්වමින් අද (29) සඳහන් කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත්,ඉදිරියේ විමර්ශන කටයුතු කරගෙන යෑම සඳහා අවසර ලබාදෙන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විශේෂ මෝසමක් ගොනු කරමින් ඉල්ලා සිටියේය.
විදෙස් සංචාරකයින් බහුල වශයෙන් රැඳී සිටියේ යැයි කියන සංචාරක කලාපයක් ඉලක්ක කරගෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන යන්ට අදාළ නඩුවට විශේෂ මෝෂමක් ගොනු කරමින් මෙම කරුණු ඉදිරිපත් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අත් අඩංගුවට ගත් සැරකරුවන් දෙදෙනෙකු රඳවා ප්‍රශ්න කරමින් ඉදිරි විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කරුණු දක්වමින් සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට අදාළ වැඩිදුර වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කළේය.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඉදිරිපත් කළ කරුණු හා විශේෂ වාර්තාව සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට දැනුම් දෙන ලෙස නියෝග කර විමර්ශන ගොනුව බහා තැබීය.
2025 දෙසැම්බර් මස 18
693
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රස්තයන් යැයි සැක තවත් දෙදෙනකු රඳවා ප්‍රශ්න කරයි