(බිඟුන් මේනක ගමගේ)
අයි.එස් ත්‍රස්තවාදය ඇතුළු නව ත්‍රස්ත ක්‍රියාකාරකම් මැඩලීමේ අරමුණෙන් නීති රාමුවක් සැකැසීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්ත කණ්ඩායම අක්‍රීය කළ ද එය ශ්‍රී ලංකාවේ අයි.එස් ත්රස්තවාදයේ අවසානය නොවන බවත් අයි.එස් මතවාද මගින් පොළඹවනු ලැබූ පුද්ගලයන් සියදිවි නසා ගනිමින් මහා පරිමාණ විනාශ කිරීමට සූදානමක් පවතින බවත් සඳහන් කරමින් මෙම අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර ඇත.
එවැනි තත්ත්වයක් වලක්වාගැනීමට පවතින නීති ප්‍රමාණවත් නොවන නිසා මෙම අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කරන බව ද අගමැතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.
අදාළ නෛතික රාමු එංගලන්තයේදී පළමුවෙන් සකස් කර ඇති බැවින් එංගලන්ත නව නීති මත පදනම් වී නීති රාමුවක් සැකැසීම වැදගත් බවත් එක්සත් රාජධානියේ ත්‍රස්තවාදී පනතේ පවතින ත්‍රස්ත වැරැදි හැටියට හැඳින්වෙන කාරණා ඊට ඇතුළත් කළ යුතු බවත් එම සංදේශයේ සඳහන් වේ.
ත්‍රස්තවාදය දිරි ගැන්වීම, ත්‍රස්තවාදී ප්‍රකාශන ව්‍යාප්ත කිරීම, ත්‍රස්තවාදය දිරිගැන්වීමට හා ප්‍රකාශන ව්‍යාප්ත කිරීමට අන්තර්ජාලය භාවිතය, ත්‍රස්තවාදී ක්‍රියා සකස් කිරීම, ත්‍රස්තවාදය සඳහා පුහුණුව, ත්‍රස්තවාදී පුහුණුව සඳහා භාවිතා කරන ස්ථානයකට පැමිණ සිටීම හා උපංග හෝ ද්‍රව්‍ය සෑදීම සහ සන්තකයේ තබාගැනීම ඊට උදාහරණ ලෙස දක්වා ඇත.
මීට අමතරව ත්‍රස්තවාදී ක්‍රියාවක් සඳහා සූදානම් වන පුද්ගලයෙකුට ප්‍රයෝජනවත් තොරතුරු රැස්කිරීම, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට සහභාගීවීම වැලැක්වීම හා විදේශයන්හි නම් කරන ලද ප්‍රදේශවලට ඇතුළුවීම හෝ රැඳී සිටීම ආදී කාරණාවලට අදාළ විදේශ අණ පනත් කෙරෙහි මෙහිදී අවධානය යොමු කළ යුතු බව ද එම අමාත්‍ය මණ්ඩල සංදේශයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වැඩේ කරන්න ආරක්ෂාව ගැන දන්න අයට දෙන්න. එයාලට බලය දෙන්න. අපේ රටට අවශ්‍ය විදිහට මිසක් ඇමරිකාව, එංගලන්තය කරන විදිහ අපට කොහෙද ගැළැපෙන්නේ... ඔය හදන්නේ වෙන වංගුවක් දාන්න මයෙ හිතේ...
ත්‍රස්තවාදය මඩින්න අවශ්‍ය නීති ලංකාවේ තියෙනවා. තමන්ගේ නොහැකියාව වසන් කිරීමට බොරු බයිලා කියන්නේ නැතිව, තවත් ලංකාව අගාධයකට නොදා හැකි පමණ ඉක්මණින් ගෙදර යන්න.
අම්මපා.. මේ අපේ සූත්තර පුංචා හෙන වීරය වෙලා එකපාරටම... මොකක්ද කාරණේ? අනේ පුංචෝ අපිට විතරක් කියනවා. අපි කාටවත් කියන්නේ නැහැ. හා හා ... හරි හරි අපි කාටවත් කියන්න එපා හොඳේ. එ් කියන්නේ අපේ මේ සත්ගුණවත් සූත්තර පුංචා " මහ බූරුවා" තේරීමේ තරගයට එනවනේ.. හුරේ... ලක්මවට සියලු දිවි දේවතාවන්ගේ පිහිට ලැබේවා..!!!
මව්බිමේ ආරක්ෂාව බල්ලට දැමු සුත්තරයා..// මිලේනියම් සිටි අමු අමුවේ පාවාදුන් සුත්තරයා..// බටහිරට ඕනෑවිදියට ඔලුවෙන් හිටගත්තේ.// දැන්නම් බබා එන්නේ රට ආරක්ෂාවට මේ පඩිය..//
ඒ කාලේ ත්‍රස්ත ක්‍රියාකාරකම් මඩින්නට දැම්මේ ත්‍රිවිධ හමුදාව, මෙයා දාන්නේ කැබිනට් පත්‍රිකා. පුදුමයි මහ හෝටලේක සම්මන්ත්‍රණයක් තියලා කමිටුවක් පත්කළේ... නැතිව නටන්ඩ බැරි එකාට කියන්න කරන්න දේවල් දාහක් තියෙනවලුනේ..?
ඒ කියන්නේ අයි.එස් මතවාද මගින් පොළඹවනු ලැබූ පුද්ගලයන් සියදිවි නසා ගනිමින් මහා පරිමාණ විනාශ කිරීමට සූදානමක් පවතිනවා කියන එකනේ නේද? එහෙම නම් සංචාරකයින්ට එන්න කිව්වේ ඔක්කොම ඉවරයි කියලා. ඡන්දෙ කාලෙට අංචියක් අල්ලලා ඡන්ද පෙට්ටි මාරු කරන්නවත් ප්ලෑනක් තියෙනවද?
මෙයා වගේ කට්ටියගේ ක්‍රියා මනින්න පත්‍රිකාවක් ළඟදීම මහජනතාවට ලැබෙනවා.
ඒ රටේ සූත්තරයා තනිකර කෙලින්නේ පිස්සු...
තව ඩිස්ලයික් දාන එක සමනලයෙක් ඉතිරිවෙලා ඉන්නවා.