පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිදු වූ ඌනතා මැඩපවත්වාගනිමින් ත්‍රස්තවාදය වැළැක්වීමට එරෙහි ක්‍රියාමාර්ග සඳහා ජපන් යෙන් බිලියන 1ක (රුපියල් බිලියන 1.6ක) අත්‍යවශ්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමට ජපාන රජය තීරණය කර තිබේ.
මුදල් අමාත්‍යංශයේ ලේකම් ආර්. එච්.එස්. සමරතුංග මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිර සුගියාමා මහතා විසින් ශ්‍රී ලංකාව සහ ජපන් රජය වෙනුවෙන් මෙම ගිවිසුම සඳහා අද(12) මුදල් අමාත්‍යංශයේදී අත්සන් තබන ලදී.
ජපන් රජය යටතේ, ‘ව්‍යාපෘති නොවන’ ප්‍රදානයක් වශයෙන් මෙම උපකරණ පිරිනැමෙන බව මුදල් අමාත්‍යංශය පවසයි.
ශ්‍රී ලංකාවේ ත්‍රස්ත ක්‍රියාකාරකම් මැඩලීමට අවශ්‍ය දිරිගැන්වීම් සපයමින් ශ්‍රී ලංකා පොලිසිය, ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමෙහි කාර්ය ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා මෙම උපකරණ පිරිනැමේ.
16844
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජපානයෙන් ආධාර ලැබෙන්නේ.. චීන රජයත් එක්ක ගිවිසුම අත්සන් කරන්නේ..
මේවා ඇත්තටම මිනිස්සුන්ට ලැබෙයිද? ලැබුනොත් ඒ කීයෙන් පංගුවක් වෙයිද? ඇමතිතුමා තමන්ගේ සල්ලි බෙදලා දෙනවා වගේ ජපන් ආධාර බෙදලා දෙයිද?
අනේ අපට මොකටද ත්‍රස්ත මර්දනයට ආධාර? අපි එහෙම දෙයක් කරන්නේ නැහැනේ...
දැන් ඉතින් ජපන් යෙන් ටිකක් හම්බ වුණු හින්දා කට්ටියම එකතුවෙලා ත්‍රස්ත කටයුතු මැඩලන්න 225ටයි, පළාත් සභාවල සෙට් එකටයි සුපර් ලක්සිරි වාහන ටිකක් ගෙන්න ගනියි..