
(අංජුල මහික වීරරත්න)
2025 වසරේ ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව අනුව ත්‍රිවිධ හමුදාවල සේවය කරනු ලබන සාමාජිකයින්ගේ ද මූලික වැටුප් වැඩි වන බව ජනාධිපති කාර්යාලය පවසයි .
ඒ අනුව, සාමාන්‍ය සෙබල / සාමාන්‍ය නැවි / ගුවන් බට යන තනතුරුවල III ශ්‍රේණියේ වැටුප රුපියල් 10,660කින්, II ශ්‍රේණිය සඳහා රුපියල් 10,960ක් හා I ශ්‍රේණිය සඳහා රුපියල් 11,260කින් මූලික වැටුප වැඩිවීම සිදු වේ.
ලාන්ස් කොප්‍රල් / බලනැවි / නායක ගුවන් බට යන තනතුරුවල III ශ්‍රේණියේ වැටුප රුපියල් 11,560කින්, II ශ්‍රේණිය සඳහා රුපියල් 11,860ක් හා I ශ්‍රේණිය සඳහා රුපියල් 12,160කින් ඹූලික වැටුප වැඩිවීම සිදු වේ. එම සේවයේ විශේෂ ශ්‍රේණියේ මූලික වැටුප රුපියල් 12,460කින් ඉහළ නැංවේ.
කොප්‍රල් / නායකනැවි / කොප්‍රල් යන තනතුරුවල III ශ්‍රේණියේ වැටුප රුපියල් 12,460කින්, II ශ්‍රේණිය සඳහා රුපියල් 12,760ක් හා I ශ්‍රේණිය සඳහා රුපියල් 13,130කින් මූලික වැටුප වැඩිවීම සිදු වේ. එම සේවයේ විශේෂ ශ්‍රේණියේ මූලික වැටුප රුපියල් 13,500කින් ඉහළ නැංවේ.
සැරයන් / සුළු නිලධාරී / සැරයන් යන තනතුරුවල III ශ්‍රේණියේ වැටුප රුපියල් 13,500කින්, II ශ්‍රේණිය සඳහා රුපියල් 13,870ක් හා I ශ්‍රේණිය සඳහා රුපියල් 14,240කින් වැටුප් වැඩිවීම සිදු වේ. එම සේවයේ විශේෂ ශ්‍රේණියේ මූලික වැටුප රුපියල් 14,610කින් ඉහළ නැංවේ.
මාණ්ඩලික සැරයන් / ප්‍රධාන සුළු නිලධාරී / බල පන්ති සැරයන් යන තනතුරුවල III ශ්‍රේණියේ වැටුප රුපියල් 14,240කින්, II ශ්‍රේණිය සඳහා රුපියල් 14,610ක් හා I ශ්‍රේණිය සඳහා රුපියල් 15,105කින් මූලික වැටුප වැඩිවීම සිදු වේ. එම සේවයේ විශේෂ ශ්‍රේණියේ මූලික වැටුප රුපියල් 15,600කින් ඉහළ නැංවේ.
බලලත් නිලධාරී II / සමුහ ප්‍රධාන සුළු නිලධාරී / බලලත් නිලධාරී යන තනතුරුවල III ශ්‍රේණියේ වැටුප රුපියල් 16,095කින්, II ශ්‍රේණිය සඳහා රුපියල් 16,590ක් හා I ශ්‍රේණිය සඳහා රුපියල් 17,085කින් මූලික වැටුප වැඩිවීම සිදු වේ. එම සේවයේ විශේෂ ශ්‍රේණියේ මූලික වැටුප රුපියල් 17,580කින් ඉහළ නැංවේ.
බලලත් නිලධාරී I / පාලක ප්‍රධාන සුළු නිලධාරී / ප්‍රධාන බලලත් නිලධාරී යන තනතුරුවල III ශ්‍රේණියේ වැටුප රුපියල් 19,725කින්, II ශ්‍රේණිය සඳහා රුපියල් 20,385ක් හා I ශ්‍රේණිය සඳහා රුපියල් 21,045කින් මූලික වැටුප වැඩිවීම සිදු වේ. එම සේවයේ විශේෂ ශ්‍රේණියේ මූලික වැටුප රුපියල් 21,705කින් ඉහළ නැංවේ.
කැඩෙට් නිලධාරී තනතුරෙහි මූලික වැටුප රු. 13,500කින් ද, මධ්‍ය නිලධාරී තනතුරෙහි මූලික වැටුප රු. 13, 870කින් ද, 2 වන ලුතිනන් (කැඩෙට්) / පියාසර නිලධාරී (කැඩෙට්) යන තනතුරුවල මූලික වැටුප රු. 19,725කින් ද ඉහළ නංවා තිබේ.
2 වන ලුතිනන් (කැඩෙට් නොවන) / පියාසර නිලධාරී (කැඩෙට් නොවන) යන තනතුරුවල මූලික වැටුප රු. 23,025කින් ඉහළ නැංවේ.
ලුතිනන් / උප ලුතිනන් / පියාසර නිලධාරී වන තනතුරුවල මූලික වැටුප රු. 28,855කින්ද, උපකරණ පාලක තනතුර සඳහා වන මූලික වැටුප රු. 30,220කින් ද, කපිතාන් / ලුතිනන් / පියාසර ලුතිනන් යන තනතුරු සඳහා වන මූලික වැටුප රු. 37,045කින් ද ඉහළ නැංවේ.
මේජර් / ලුතිනන් කමාන්ඩර් / ස්කොඩ්‍රන් ලීඩර් යන තනතුරු සඳහා මූලික වැටුප රු. 42,505කින් ඉහළ නැංවේ.
ලුතිනන් කර්නල් / කමාන්ඩර් / වින්ග් කමාන්ඩර් යන තනතුරු සඳහා මූලික වැටුප රු. 44,175කින් ඉහළ නැංවේ.
කර්නල් / කපිතාන් / ගෘප් කැප්ටන් යන තනතුරු සඳහා මූලික වැටුප රු. 58,095කින් ඉහළ නැංවේ.
බ්‍රිගේඩියර් / කොමදෝරු / එයාර් කොමදෝරු යන තනතුරු සඳහා මූලික වැටුප රු. 62,555කින් ඉහළ නැංවේ.
මේජර් ජනරාල් / රියර් අද්මිරාල් / එයාර් වයිස් මාර්ෂල් යන තනතුරු සඳහා වන මූලික වැටුප රුපියල් 71,000කින් ඉහළ නැංවේ.
ලුතිනන් ජනරාල් / වයිස් අද්මිරාල් / එයාර් මාර්ෂල් යන තනතුරු සඳහා වන මූලික වැටුප රු. 76,300කින් ඉහළ නැංවේ.
ජනරාල් / අද්මිරාල් / එයාර් චීෆ් මාර්ෂල් යන තනතුරු සඳහා වන මූලික වැටුප රු. 84,700කින් ඉහළ නැංවේ.
COMMENTS
ගන්න කෙනා රට කරලා ඉවරයි!! රට නැවතත් බංකොලොත් කරන වේගවත් පියවරක්... මොවුන්ට සාප වේවා...!
සිලින්ඩර් සීයා අමුවෙන්ම මැතිවරණ නීතිය කඩනවා නේ
ඇත්තටම මොලේ තියන එකෙක් නැද්ද මේ පිස්සන්ගෙන් අහන්න මේවට සල්ලි කොහෙන්ද කියලා
මීට මාස කිහිපයකට උඩදී කිසිසේත්ම වැටුප් වැඩිකළ නොහැකි යැයිද එසේ කළොත් රට කඩාවැටෙන බව කී ජනාධිපති වරයා, මේ කඩිමුඩියේ වැටුප් වැඩිකරන්නේ රාජ්‍ය සේවකයින් ගැන විශේෂ සැලකිල්ලක්, අනුකම්පාවක් ඇතිව තිබෙන්නේ රට ශක්තිමත් වෙලාද.. ජනතාව බුද්ධිමත් ඔය වගේ රවට්ටන්න බැහැ.
සල්ලි අච්චුව බරටම වැඩ
ත්‍රිවිධ හමුදාවට මෙන්ම පොලීසියටත් පඩි වැඩි කළ යුතුයි . ඒකෙ තර්කයක් නෑ. හැබැයි මේ වැරදි කාලයක්. මේකට මැතිවරණ කොමිෂමෙන් ප්‍රශ්න ඇති කරනවා.
මෙම තොරතුරු ජනාධිපති මාධ්‍ය අංශයේ වෙබ් අඩවියේ සිංහල භාෂාවෙන් දක්වා තිබෙන්නේ ඉහත ලිපියේ ආකාරයට වුවත්, එහි ඉංග්‍රීසි භාෂා වෙබ් පිටුවේ දක්වා තිබෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනත් අරුතක් දෙන ලෙසටය. එහි සංඛ්‍යාමය ලෙස දක්වා තිබෙන්නේ නව මූලික වැටුප ලෙස මිස, වැඩි කළ මුදල ලෙස නොවේ. නිදසුනක් මෙසේ උපුටා දක්වමි: "For Major General, Rear Admiral, and Air Vice Marshal roles, the basic pay will be increased to Rs. 71,000."
මෙවන් අවස්ථාවල සාමාන්‍ය ගැමි ජනවහරේ තියෙන්නේ " වානම් වා, පෝනම් පෝ" යනුවෙන්. යන යකා කොරහත් බිඳගෙන යනවා වගේ වැරදිලාවත් මේ කථා කරන්නේ 2025 ගැනනේ. දැනට කිසිම ගැටලුවක් නෑ. හරියට මේ මාසේ වැටුපට එකතුවෙනවා වගේ කථා. වැරදිලාවත් දිනුවොත් ඉතිං කල් තිබෙනවානේ බදුටිකක් ජනතාවගේ කරමතින් තියෙන එක පමණයි. අස්වැසුමත් යම්කිසි පිරිසකට ලැබෙනවානේ. ඉතිං ඕන නම් හාල් කිලෝඑකක් රු. 300/= පෙට්ට්‍රෝල් ලීටර් එකක් රු. 420/= එතකොට ඔය හුරත් ගෑස්සිලින්ඩර් එක රු. 4750/= පමණ වේවි. ගැටලුවක් නැහැනේ 5000/= ට අඩුයිනේ.