IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ත්‍රිරෝදයක් පොලිස් පරික්ෂක හප්පා පැන ගිහින්

(ගයාන් සූරියආරච්චි)

බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකායට අනුයුක්තව සේවය කරනු ලබන පොලිස් පරීක්ෂකවරයකු සිවිල් ඇදුමින් හැව්ලොක්, කැප්පෙටිපොළ පාර පදික මාරුව හරහා ගමන් කරමින් සිටියදී කිරුළපන දෙස සිට පැමිණි ත්‍රිරෝද රථයක් එම නිලධාරියා හප්පා පලාගොස් ඇති බව බම්බලපිටිය පොලිසිය පවසයි.

එම අනතුරින් පොලිස් පරීක්ෂකවරයාගේ දකුණු පාදය තුවාලවී ඇති අතර එම නිලධාරියා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.

පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට අනුයුක්තව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී නිවෙස්නයේ රාජකාරී කරනු ලබන එම පොලිස් පරික්ෂකවරයා හදිසි අවශ්‍යතාවක සදහා තම බැංකු කාඩ් පතෙන් මුදල් ලබාගැනීම සදහා හැව්ලොක් පාර, කැප්පෙටිපොළ පදික මාරුව හරහා පාර මාරුවී ඇති බව පොලිසිය පවසයි.

එහිදී කිරුළපන දෙස සිට තුම්මුල්ල දෙසට ධාවනය කළ ත්‍රිරෝද රථයක් එම නිලධාරියාගේ ඇගේ හැපී ඇති අතර එම අවස්ථාවේදී ත්‍රිරෝද රථ රියැදුරු පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

අනතුරුව දකුණු පාදයේ තුවාල සහිත නිලධාරියා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

එම ස්ථානය අවට ඇති සී.සී.ටී.වී දර්ශන නිරීක්ෂණය කර සැකකාර ත්‍රිරෝද රථ රියැදුරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

 



අදහස් (1)

ත්‍රිරෝදයක් පොලිස් පරික්ෂක හප්පා පැන ගිහින්

Ruwan Tuesday, 11 June 2024 07:16 AM

ඇමති පුතාලා ඩිෆෙන්ඩර් වලින් ගිහින් හප්පල මරණ ඒවගෙ නඩු අහල නිදොස් කොට නිදහස් කරලත් ඉවරයි.කාට හරි මතකද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site