(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ තුසිත කුමාර ද සිල්වා)
පැහැරගත් තීරෝද රථයක් කොටස් කර විකිණීම සඳහා පයාගලට රැගෙන ආ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා පොලිස් හදිසි ඇමතුම් ඒකකයට අනුයුක්ත පොලිස් කොස්තාපල් රියදුරකු ලෙස සේවය කරන අයකු බවත් පොලිසිය කියයි.
කොටස් කර විකිණීම සඳහා ත්‍රීරෝද රථයක් රැගෙන එන බවට කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක පි .ආර්. වීරසේන මහතාට තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් නිළධාරියෙක් පැවසීය.
සැකකරු ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී ලබාගන්නා වැටුප ණය ගෙවීම සඳහා වැය වූ පසු රුපියල් පන්දහසක් පමණක් ඉතිරි වන බවත් ඒ හේතුවෙන් මිතුරන් පිරිසක් සමග සොරකම සඳහා යොමු වූ බවත් වැඩිදුරටත් වැඩිදුරටත් ප්‍රකාශ කළ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ අද පවතින යථාර්තය මෙන්න මෙයයි.කොයි කාටත් බඩු මිල බදු බර දරන්න බැහැ.අවසානේ කොයි කාටත් අතට ඉතිරි වෙන සොච්චමෙන් ජීවත්වෙන්නේ කොහොමද? වෙනත් ආදායම් මාර්ගයක් ද නොමැති නම් තත්ත්වය කෙබඳු වේද? මීටත් වඩා බිහිසුණු වන්නේ රැකියාව අහිමි වූ ජීවිත වලට අත්වෙන ඉරණම නොවේද? රටේ ජනතාව හැම අතින්ම පීඩනයට පත් කර,රට හොරා කෑ දූෂිතයන් අල්ලා දඬුවම් දීම නේද කළයුතු වන්නේ.පොලීසිය හා එහි නිලධාරීන් රැක ගැනීමට පොලීසිය විසින් හෝ රට කෑ දූෂිතයන් අල්ලා ගැනීමට කටයුතු කිරීම වැදගත්.එසේ නොවන්නේ නම්,රටට ජනතාවට පොලීසියක් කියා දෙයක් ද ඉතිරි වන්නේ නැත.