IMG-LOGO

ත්‍රිරෝදය මස් කර විකුණන්න ගිය පී.සී මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ තුසිත කුමාර ද සිල්වා)

පැහැරගත් තීරෝද රථයක් කොටස් කර විකිණීම සඳහා පයාගලට රැගෙන ආ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා පොලිස් හදිසි ඇමතුම් ඒකකයට අනුයුක්ත පොලිස් කොස්තාපල් රියදුරකු ලෙස සේවය කරන අයකු බවත් පොලිසිය කියයි.

කොටස් කර විකිණීම සඳහා ත්‍රීරෝද රථයක් රැගෙන එන බවට කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක පි .ආර්. වීරසේන මහතාට තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් නිළධාරියෙක් පැවසීය.

සැකකරු ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී ලබාගන්නා වැටුප ණය ගෙවීම සඳහා වැය වූ පසු රුපියල් පන්දහසක් පමණක් ඉතිරි වන බවත් ඒ හේතුවෙන් මිතුරන් පිරිසක් සමග සොරකම සඳහා යොමු වූ බවත් වැඩිදුරටත් වැඩිදුරටත් ප්‍රකාශ කළ බව පොලිසිය කියයි.

 



අදහස් (1)

ත්‍රිරෝදය මස් කර විකුණන්න ගිය පී.සී මාට්ටු

Samitha Senaka Aluthgamage. Friday, 17 February 2023 10:31 AM

රටේ අද පවතින යථාර්තය මෙන්න මෙයයි.කොයි කාටත් බඩු මිල බදු බර දරන්න බැහැ.අවසානේ කොයි කාටත් අතට ඉතිරි වෙන සොච්චමෙන් ජීවත්වෙන්නේ කොහොමද? වෙනත් ආදායම් මාර්ගයක් ද නොමැති නම් තත්ත්වය කෙබඳු වේද? මීටත් වඩා බිහිසුණු වන්නේ රැකියාව අහිමි වූ ජීවිත වලට අත්වෙන ඉරණම නොවේද? රටේ ජනතාව හැම අතින්ම පීඩනයට පත් කර,රට හොරා කෑ දූෂිතයන් අල්ලා දඬුවම් දීම නේද කළයුතු වන්නේ.පොලීසිය හා එහි නිලධාරීන් රැක ගැනීමට පොලීසිය විසින් හෝ රට කෑ දූෂිතයන් අල්ලා ගැනීමට කටයුතු කිරීම වැදගත්.එසේ නොවන්නේ නම්,රටට ජනතාවට පොලීසියක් කියා දෙයක් ද ඉතිරි වන්නේ නැත.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 463 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 632 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site