IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ත්‍රිරෝදය ඉස්සූ තරුණයා රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

කොළඹ කුරුදුවත්ත රොස්මිඩ් පෙදෙසේ ඉන්ධන පිරවුම්හලේ පෝලිමේ රැඳි සිටි කොළඹ නගර සභා ආරක්ෂක නිලධාරියකුගේ නවතා තිබූ ත්‍රීරෝද රථය සොරාගත් බව කියන විසි හැවිරිදි සැකකරුවකු ලබන 04 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට වැඩබලන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා අද (21) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ බේස්ලයින් පාර, කොළඹ 08 පදිංචි මේරි මාලින්ද ග්‍රේස් නැමැත්තාය.

තමන් ඉකුත් 20 වැනිදා ත්‍රීරෝද රථයෙන් ඉන්ධන ලබා ගැනීම සදහා කුරුදුවත්ත කොළඹ කුරුදුවත්ත රොස්මිඩ් පෙදෙසේ ඉන්ධන පිරවුම්හල අසලට පැමිණී බවත් ත්‍රීරෝද රථය අසල නවතා තෙල් බූලියක් ද රැගෙන පෝලිමට එක්වූ බවත් සදහන් කරමින් කුරුදුවත්ත පොලීසියට මෙම පැමිණීල්ල ඉදිරිපත් කර තිබුණේ කොළඹ නගර සභාවේ ආරක්ෂක නිලධාරියකු වන බාන්ස් පෙදෙස, කොළඹ 07 පදිංචි ලෝරන්ස් ජෝෂප් ප්‍රනාන්දු නැමැත්තෙකි.

එම ඉන්ධන පෝලිම ඉතා දුගු එකක් වූ බැවින් තමන් පසුදින පැමිණීමේ බලාපොරොත්තුවෙන් බුලිය ද රැගෙන ආපසු ත්‍රීරෝද රථය අසලට යෑමේදී කිසියම් පුද්ගලයකු තම රථය පදවාගෙන යන අයුරු දුටු බවත්, පසුව තමන් වෙනත් ත්‍රීරෝද රථයක නැගී තම ත්‍රීරෝද රථය හඹා ගිය බවත් පැමිණීල්ල සදහන් කර ඇත.

 



අදහස් (0)

ත්‍රිරෝදය ඉස්සූ තරුණයා රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 562 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 718 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 298 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site