(යොහාන් භාසුර)
පොදු ප්‍රවාහනයේ නියැලෙන ත්‍රීරෝද රථවලට සතියකට පෙට්‍රල් ලීටර 30 ක් ලබාදීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා ‘ලංකාදීප’යට පැවසීය.
පොදු ප්‍රවාහන ජීවිකාව ලෙස කටයුතු කරන ත්‍රීරෝද රථ රියදුරන්ට සතියකට පෙට්‍රල් ලීටර 5 ක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව කී ධර්මසේකර මහතා පොදු ප්‍රවාහනයේ යෙදෙන ත්‍රීරෝද හදුනාගැනීම සඳහා පොලිසියේ ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කරන බව ද සදඟන් කළේය.
ත්‍රීරෝද රථ රියදුරන් දුෂ්කරතාවට පත්ව සිටින මේ අවස්ථාවේදී ගාස්තු මීටර අනිවාර්ය කරන ලෙස ඉල්ලා සිටීම සාධාරණ නොවන බව කී ධර්මසේකර මහතා සඳහන් කළේ පළමු කිලෝමීටරයට රුපියල් 100 යි සහ දෙවැනි කිලෝමීටරයට රුපියල් 90 ලෙස හොඳින් පාරිභෝගිකයාට හොඳින් ප්‍රදර්ශනය වන සේ ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කළ යුතු බවත්ය.
සෙසු පොදු ප්‍රවාහන සේවා නියාමනය කරන ආකාරයටම ජාතික ප්‍රවාහන කොමිසම බලය පවරලා ත්‍රීරෝද රථ ද මේ සුවිශේෂී අවස්ථාවේ සිට නියාමනය ආරම්භ කළ යුතු බවත් එසේ නොවුණ හොත් ත්‍රීරෝද රථ රැකියාවේ නියුතු ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් පාරට වැටෙන බවත්ය.
පෞද්ගලිකව පාවිච්චි කරන ත්‍රිරෝද රථවලට සාමාන්‍ය ක්‍රමවේදය ඔස්සේ සතියකට ලීටර 5 ලබාදීම කළ හැකි බව ද ධර්මසේකර මහතා වැඩි දුරටත් පැවසීය.
ත්‍රීරෝද රථ සත්‍ය වශයෙන්ම ප්‍රවාහනයේ යෙදෙන්නේ ද යන්න නිරීක්‍ෂණය පහසුවෙන් කිරීමේ තාක්‍ෂණය ඇති බව ද පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලීටර 5 ගහලත් ඒකත් විකුණන මේ අය, ලීටර 30 ගහලා මොනවා කරයිද?
ඇයි ගහගෙන ගෙදර ඇවිල්ලා වැඩි ගාණට විකුණන්නද?
එහෙම දුන්න නම් හරි, ඊට පස්සේ ආදායම් බදුත් ගණනය කරලා දෙන්න ඕනෑ. සතියට ලීටර් 30 හොඳ ආදායමක්....
අනිවාර්යයෙන්ම දෛනික කුලී ධාවනයෙන් තම ජීවිතය ගෙන යන දහස් සංඛ්‍යාත මිනිසුන් පිළිබඳ අවධානය යොමුකර තීරණ ගන්න..
සාමාන්‍යයෙන් සතියකට ලීටර් 30 ක් කියන්නේ මාසෙකට ලීටර් 120ක්. ලීටරයට කි.මී. 25ක් කළොත් කි.මි.3000ක් දුවනවා. කි. මී. රු.100/=ක් අය කළොත් ආදායම රු.300,000.00යි. පෙට්‍රල් වියදම රු.54,000.00යි. බැලුවාම නරක නෑ. රජයේ බදු ආදායම වැඩි කරගන්න හොඳ මාර්ගයක්...!
ඔව් ඔව්. V6 ඇන්ජිමක්නේ තියෙන්නේ. සෑහෙන්න තෙල් ඕනෑ...
කරුණාකර ලංකාවේ තියෙන ත්‍රි වීල් සංඛ්‍යාව 200000 ට වත් අඩු කරන්න කටයුතු කරන්න. ලංකාවේ ශ්‍රම බලකාය නිකන් පුටු රත්කරගෙන ඉඳලා, අහිංසක ගාමන්ට් කෙල්ලෝ මහන්සි වෙලා හොයන ඩොලර් ටිකෙන් තෙල් ටික ගහගෙන රටට බරක් වෙන්න තියන්න එපා. ලංකාවේ, දැනටත් පිටරටින් ඇවිත් තරුණ ශ්‍රමිකයින් වැඩ කරනවා. ඒවාට රටෙන් ඩොලර් එළියට යනවා. ලංකාවේ ඇතුළේ ඉන්න ලක්ෂ 10 ක් විතර තරුණ ශ්‍රමය රටට බරක් වෙලා ත්‍රීවිල් පුටු රත් කරනවා. කරුණාකර ත්‍රිවිල් රියදුරන්ට ඡන්ද තුරුම්පුව ගහන්න දෙන්න එපා. පාර්ලිමේන්තුවක් විදියට රටට බරක් වුණු මේ වසංගතයට ඉක්මන් තීරණයක් ගන්න...
ලීටර් 30 කියන්නේ කිලෝමීටර 1000ට වැඩියෙන් දුවන්න පුළුවන්... එතකොට කිලෝමීටර 1 රුපියල් 100, සතියකට 100000ක් හම්බ කරනවා. ලීටර 30 වියදම යන්නේ 13500... කොහොමද ගේම...?
කළු කඩේ විකුණන්න ලීටර් කීයක් ඕන වෙයිද?
ලබා දෙන ඉන්ධන ප්‍රමාණය ගත යුතුය. ඉන්ධන අර්බුදය මතුවිමට පෙර ත්‍රිරෝද රථ රියැදුරන් ඉන්ධන ලබා ගත් ආකාරය පිළිබඳ මගීන් ලෙස අපි දනිමු.
මෙම ත්‍රීවීල් කියන්නේ ලංකාවට මහ වසංගතයක්... තරුණ ජවය සම්පූර්ණයෙන්ම ත්‍රිවීල් පාර්ක්වල. ඉතින් කොහොමද රට නිෂ්පාදිත වෙන්නේ. රටේ ගොඩක්ම නීතිවිරෝධී වැඩ වෙන්නේ ත්‍රීවීල් හරහා. වහාම මෙම ත්‍රීවීල් වසංගතයෙන් තරුණ පරපුර බේරගන්න වැඩකරන්න.
පහුගිය කාලයේ ත්‍රිවීල් දුවන අය කළේ හයර් නොගිහින් කළේ, හැමදාම පෙට්‍රල් ගහගෙන තෙල් වෙළෙඳාමයි. QR හොඳ නැහැ කියන්නේ තෙල් හොරු...
සතියකට ලීටර් 5කට වැඩිය දෙන්න එපා. වැඩිපුර තෙල් ඕනේ කියන්නේ වැඩිගාණකට විකුණගන්න. සතියකට දෙන තෙල් මදිනම් වෙන ජෝබ් එකක් කරලා ජීවත් වෙන්න කියන්න
පොදු ප්‍රවාහනයේ යෙදෙන තුන් රෝද රථ සොයා ගැනීමට නොහැකිය. දැන් ඔවුන් කරන්නේ තෙල් පෝලිමෙන් පෝලිමට ගොස් තෙල් රැස් කිරීමයි.
ඔබලා ඕක වැඩි ගාණකට අරගෙන විකුණන්නනේ ඔය නටන්නේ... කළින් කළේත් ඕකමයි. රටට මෙච්චර දේවල් වෙලා තියෙනකොටත් ඔබලාම තමයි මේ වගේ වැඩ කරන්නේ...
වැඩි ගාණකට විකුණන්න හදන ඔය හොරුන්ට තෙල් දෙන්න එපා. අපි දැක්කා කළිනුත් වුණේ මොකක්ද කියලා...!
ඔයා ඉල්ලන්නේ වැඩි ගාණට විකුණන්න.. ඉගෙනීමක් නැති බහුතරයක් ඉන්නේ ඔය රස්සාවේ. මුළු රටම විනාශ කරනවා.
දැන් ඔහොම කරගෙන යමු. ඉදිරියේදී ත්‍රි රෝද රථවලට ඩිජිටල් ටැක්සි මීටර සවිකර, ඒවා දුවන දුර ප්‍රමාණය අනුව වැඩිපුර පෙට්‍රල් ලබාදෙන ක්‍රමවේදයකට යන එක හොඳ බව මගේ අදහසය. එවිට ගමන් බිමන් සඳහා මිල පාලනයක් ඉබේම ඇතිවෙනවා. හිතු හිතූ මිල ගණන් අයකරන්න බැහැ.