IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට

(එස්.ඩී.කොඩිකාර)

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි  පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ  බෑවුම් සහිත වංගුවකදී  ත්‍රීරෝද රථය  ඔහුගේ පාලනයෙන් මිදී  අඩි 130 ක් පමණ ප්‍රපාතයට වැටී  පියා බරපතල තුවාල  දෙණියාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු    අද (02)  මියගොස් ඇතැයි දෙණියාය පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ නාවින්නහේන ,බටයාය ලිපිනයේ පදිංචි  සමන්ත පුෂ්පකුමාර අබේතුංග නැමති (45) හැවිරිදි දෙදරු පියෙකු බව මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇත.

මියගිය පුද්ගලයා සිය දරුවන් දෙදෙනා සමග තම නිවස පිහිටි  නාවින්න හේන ප්‍රදේශයේ සිට දෙනියාය නගරය කරා ගමන් කරමින් සිටින අතරතුර මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ පා ඇත.

අනතුරින් පස් හැවිරිදි පුතා විසි වී ගොස් සුළු තුවාල ලබා ඇති අතර (18) හැවිරිදි දියණියද තුවාල ලබා ප්‍රතිකාර සඳහා දෙනියාය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව රථවාහන අංශය සඳහන් කරයි.

 

 



අදහස් (0)

ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 16 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site