(පී. ආර් ගමගේ)
රත්නපුර , දෙනියාය ප්‍රධාන මාරග්යේ හේයස් වතුයාය ජුලංවැටිය ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් දෙදෙනකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
බුත්කන්ද සිට දෙනියාය , ප්‍රදේශයට ධාවනය කරමින් සිටි ත්‍රීරෝද රථයක් ජුලංවැටිය ප්‍රදේශයේ දි වංගුව ගැනීමේදී බෑවුම සහිත වූ ප්‍රපාතයට පෙරළී ඇති බව කොලොන්න පොලීසිය පැවසීය .
මෙම ත්‍රීරෝද රිය අනතුරට ලක්වන අවස්ථාවේ රියදුරු ඇතුළුව පුද්ගලයන් සිව්දෙනකු එහි ගමන් කර ඇති බවත් ඒ අතර කාන්තාවන් දෙදෙනකු ද වන බවත් පොලිසිය කියය.
එහිදී එහි ගමන්කළ වයස 61 වියැති මාරියප්පන් වල්ලිඅම්මා, සහ 62 වියැති කරුපන්නන් ලෝගනාදන් යන දෙදෙනා එම ස්ථානයේදීම මිය ගොස් සිටි බවත් 24 වියැති රියදුරු සහ 64 වියැති කාන්තාවක තුවාල ලබා කොලොන්න මූලික රෝහලට ඇතුළත් කල බවද කොලොන්න පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd