(ඩී.ජී.සුගතපාල, ගාමිණි මහදුර, සුමතිපාල දීයගහගේ සහ සිරංගිකා ලොකුකරවිට)
බූස්ස වැල්ලබඩ දුම්රිය හරස් මාර්ගයේදි බෙලිඅත්ත සිට අනුරාධපුරය දක්වා ධාවනය වු සිඝ්‍රගාමි දුම්රියේ අද (01) පෙරවරුවේ ත්‍රි රෝද රථයක් හැපි ත්‍රි රෝද රථයේ සිටි එකම පවුලේ සිව් දෙනෙකු මියගොස් ඇතැයි රත්ගම පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ බුස්ස පරණවත්ත පදිංචිව කාලිංග ජිනදාස පියා(85) කාලිංග සුනිමල් පුතා (46) පුතාගේ බිරිඳ මෙරෙඤ්ඤ ලසිකා කුමාරි මෙන්ඩිස් (48) සහ ලසිකා කුමාරිගෙ අම්මාවන මනිමෙල්දුර ඒමිස්හාමි(83) යන සිව්දෙනා වෙති.
ඉඩම් ඔප්පුවක් ලිවිම සඳහා ඔවුන් ගාල්ලට යාමට පැමිණ ඇති බවත් ත්‍රි රෝද රථය පුතා විසින් පදවාගෙන පැමිණ ඇති බවත් ඔහු අනතුරු සංඥා නොතකා දුම්රිය අනාරක්ෂිත මාර්ගය හරහා ධානවය කර ඇති බවත් අනාවරණයවි ඇතැයිද පොලිසිය පවසයි.
(ඡායාරූප: ඩී.ජී.සුගතපාල)


(ඡායාරූප: ගාමිණී මහදුර)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි තවත් වැඩි වැඩියෙන් දුවන මන්තීරු හදමු . නගර අලංකරනය කරමු .
සම්පූර්ණ වැරැද්ද ත්‍රිරෝද රියදුරු අත වන අතර, විධිමත් ගේට්ටු සවිකර තිබුණා නම්, මෙවැනි අයටද ජීවිත ආරක්ෂාව දීමට හැකිවනු ඇත...
බොහොම කණගාටුදායක පුවතක්... අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල යනකොට අනිවාර්යයෙන් එක්කෙනෙක් බැහැලා දෙපැත්ත බලලා මාර්ගය පසුකරන්න දෙපැත්ත බලලා උදව් කරන්න ඕනේ.. වැඩිම වුණොත් විනාඩි 2ක් යයි. ඉවසීම මේවගේ තැන්වලදී ගොඩක් වටිනවා...
මිනිස්සු මැරෙන එක ගැන කණගාටුයි. නමුත් මේ ත්‍රිවීල් "කාරයෝ" (කාරයෝ කිව්වේ ගෞරවාන්විතයෙන්... නඩු කාරයෝ වගේ) නම් කවමදාවත් පාඩම් ඉගෙන ගන්න අය නෙමෙයි... මේ කොළඹ දවසට කිලෝමීටර 100ක් විතර අවුරුදු ගණනක් එලවන කෙනෙක් විදියට මේ කියන්නේ... මේ තරම් කාලකන්නි විදියට පාරේ එලවන ජාතියක් නැහැ.. අනිත් මිනිහාත් එක්ක දුර මීටර 5ක් 10ක් වුණත් කමක් නැහැ. එකපාරටම යූ ටර්න් එක මහපාර මැද්දේ ගහනවා. හරස් පාරවල්වල ඉඳන් හොම්බ දමනවා එකපාරටම... පාරට දමනවා. අපියි නවත්ත ගන්න ඕනෑ. මෙතැනදීත් දමන්නේ කෝච්චිය එනවා දැකදැක නොවේ.. සමහරවිට අපි වගේ කෝච්චියත් නවත්ත ගනීවී කියලා හිතන්න ඇති...! මෙහෙම් කියන එක නරකයි නමුත් බූස්ස, දඩල්ලට හරි කිට්ටුයි..!
ඔබලා දැකලා තියෙනවද වවුලන් පියාඹගෙන ගිහින් විදුලි රැහැන්වල වැදිලා මැරිලා යනවා. මෙරුවන් ලාම්පු දැල්ලට වහලා පිච්චෙනවා. ඒ සමහර සත්තුන්ට ලැබිලා තිබෙන මොලේ තරම... ජාතියක් විදිහට අපේ රටේ උදවියගේත් ලොකු අවුලක් තියෙනවා. ගණන් හදන්න, අකුරු ලියන්න පුළුවන් ජාතියක් වුණාට ඔලුවේ එක පැත්තක් අවුල්. අනතුරක් හඳුනා ගන්න පරිස්සම් වෙන්න කියන දෙය අන්තිමයි. දවසකට කී දෙනෙක් වතුරේ ගිලිලා මැරෙනවද? බොරු කපුවන්, සාස්තරකාරයින් කට්ටඩියන්ට කොතරම් රැවටෙනවද? අපල දුරුකරගන්න දුව හෝ බිරිඳ කට්ටඩියා ළඟ තියලා එළියේ ඉඳලා අතවරයට ලක්වෙන ගැහැණු කොතරම්ද? ආගමේ නාමයෙන් පන්සිල්වත් නොරැක සතියේ, දෙකේ වැඩසටහන් වලින් නිවන් යන්න හදන අය කොතරම්ද? තවමත් කෝවිඩ්, පිළිකා, කොලොස්ටරෝල් තෙල්, පැණි වලින් හොද කරන බව පිළිගෙන මැරෙන තරම් කොපමණද? කනට ඇහෙන ඕනෑම බොරුවක් තව කෙනෙකුට දෙන උදවිය කොතරම්ද? ජාතියක් ලෙස ලොකු අවුලක්..!
දුම්රිය හරස් මර්ගවල වාහන පැදවීමේදී ඉතාමත් ප්‍රවේසම් විය යුතුයි. සංඥා සලකුණු නැත්නම් වාහනයෙන් බැස මාර්ගය පරීක්ෂාකිරීම නුවනට හුරුයි. හේතුව ජීවිත ආරක්ෂාකර ගැනීම අන් මොනම කාරනයකටත් වඩා අතිශයින්ම වැදගත් වීමයි. අනවශ්‍ය හදිසිය නිසා ජීවිත සියල්ලම නැතිවීයන්න හෝ අබ්බගාතයින් වීමට හොදටම ඉඩතියෙන නිසා.