(යොහාන් භාසුර)
ත්‍රීරෝද රථ ගාස්තුව තීරණය කිරීමේ බලය ගාස්තු මීටර් අළෙවි කරන සමාගම්වල අණකට යටවී ඇති බවත් ත්‍රීරෝද රථවලින් ජනතාව සූරාකෑම නැවැත්වීමට රජය මැදිහත්වී ගාස්තු නියාමනය කළ යුතු බවත් සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා ‘ලංකාදීප’යට පැවසීය.
ත්‍රීරෝද රථ ගාස්තු නියාමනයක් නොමැති වීමෙන් ප්‍රවාහන සේවා සපයන බහුජාතික සමාගමක් ශ්‍රී ලාංකිකයන් සූරාකමින් සිටිය ද පාලකයන් ඔවුන්ට සහයෝගය ලබාදෙන බව කී ධර්මසේකර මහතා මෙය ඉන්ධන මිල මෙන් ලෝක අර්බුදයක් නොවීම හේතුවෙන් පාලකයන් දැන්වත් ගාස්තු නියාමනයට ඉදිරිපත් වියයුතු බව ද සඳහන් කළේය.
ත්‍රීරෝද රථ මීටර අළෙවි කරන සමාගම් ත්‍රිරෝද රථයේ රියදුරු කියන ඕනෑම මිලකට මීටර සකස් කර රුපියල් 200 ක සේවා ගාස්තුවක් ලබාගන්නා බවත් මේ අනුව ගාස්තු ක්‍රම රැසකට ත්‍රිරෝද සඳහා අය කිරීමෙන් ජනතාව දැඩි අපහසුතාවට ද පත්වන බවත් ධර්මසේකර මහතා කීය.
සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිති 2005 වසරේ සිට ත්‍රිරෝද රථ ගාස්තු නියාමනය ඇතුළු ඉල්ලීම් සඳහා සටන්කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 2013 වසරේ එවකට ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ගැසට් නිවේදනයක් මගින් කමිටුවක් පත්කළ ද 2017 වසරේ එවකට ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එය අවලංගු කළ බව කී ලලිත් මහතා සඳහන් කළේ කොළඹට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවේම ත්‍රීරෝද රථවලට මීටර සවිකර ගාස්තු නියාමනය කළ යුතු බවයි.
එම සංගමයේ ගාස්තු ප්‍රතිපත්යට අනුව පළමු කිලෝමීටරයට රුපියල් 80 ක් සහ ඉන් පසුව කිලෝ මීටරයකට රුපියල් 50 බැගින් වන ගාස්තුව වඩාත් සාධාරණ බව ද ඒ මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන සමාගම්වල යෙදවුම් වලට ස්තුති වෙන්න තම මිනිස්සු ටිකක් හරි සාධාරණ මුදලකට ගමනක් යන්නේ... මෙයාලගේ සෙල්ලම් මේ ළඟදිත් ලංකාවට ආවා. සංචාරකයෙක් වීඩියෝ කරලා දාලා තිබ්බේ...
ඇත්තෙන්ම, ත්‍රීවීලර් සඳහා රජයේ නියාමනය යටතේ මීටර් සවිකොට ඒවා වෙනස් කිරීමට නොහැකි වනසේ සීල් තබා ජනතාව රැක ගැනීම වැදගත් වෙයි. පෙට්‍රල් ලීටරයක් රුපියල් 50/- කින් වැඩිවෙන විට ත්‍රීවීලර්කරුවන් හිතුහිතූ අසාධාරණ ගණන් අයකොට මගී ජනතාව ගසා කයි. මේ නිසා බස් සේවය මෙන්ම මේ සේවාවද ජනතා යහපතට ඉවහල් වනසේ නියාමනය කළ යුතුයි.
බහු ජාතික සමාගම්වලට සියල්ල යටවෙලා...