(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ඉ ජයකොඩි)
තිහාරිය ගොඩැල්ල මහපල්ලිය ආසන්නයේ ත්‍රී රෝද රථ ගාලක අරාවුලක් හේතුවෙන් සිදුවූ ගැටුමකින් පසු රෝහල් ගත කෙරුණු පුද්ගලයෙකු මරණයට පත්වී ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි .
ත්‍රීරෝධ රථ ගාලට තරුණයකු අලුතින් රථයක් ඇතුළත් කිරීමට කටයුතු කිරීම නිසා මෙම ගැටුම ඇති වී ඇතැයි ද එම තරුණයා පහර දීමට ලක්වන අවස්ථාවේ ඔහු බේරා ගැනීමට ගිය පියා මෙසේ රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි .
නිට්ටඹුව පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ඉන්න නූගත් අයයි, පාතාලයෝයි, කුඩ්ඩොයි එකී නොකී වැරැදි කරන අය තමයි ත්‍රිවීල් දාගෙන ඉන්නේ. කිසිම කෙනෙකුට ගරු කරන්නේ නෑ. පාරේ විනයක් ඇතිව යන්නේ නෑ. මොවුන්ට වෙනම නීති පද්ධතියක් දාන්න නව පොලිස්පතිතුමාට සිත් පහළ වේවා...!
හොඳ වැදගත් විදියට ජීවත් වෙන ත්‍රීවිල් එලවන විනය ගරුක අයත් ඉන්න බව සිතාගන්න