IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ත්‍රිරෝද 300ක් විද්‍යුත් කරණයට

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව මුහුණදී සිටින ඛනිජ තෙල් අර්බුදයට විසඳුමක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහයෝගය ඇතිව ත්‍රීරෝද රථ 300ක් විද්‍යුත්කරණය කිරීමේ නියමු ව්‍යාපෘතියක ආරම්භ කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත වීරසිංහ මහතා පවසයි.

මෙම ව්‍යාපෘතියට අදාළ නීතිමය පසුබිම සකස් කිරීම සඳහා වන යෝජනා ලබා ගැනීමේ විශේෂ සම්මන්ත්‍රණයක්මේ මස 30 වෙනිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන බවත් මෙම ව්‍යාපෘතියේ තාක්ෂණික සහ රෙගුලාසි පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කීය.

 



අදහස් (7)

ත්‍රිරෝද 300ක් විද්‍යුත් කරණයට

samaadi Friday, 26 August 2022 08:56 AM

ඇයි, අපේ රටේ විදුලිබල අර්බුදයක් නැද්ද?

:       0       6

Pradeep Kumara Friday, 26 August 2022 09:00 AM

හොද වැඩක්. නමුත් ඔය ත්‍රීරෝද රථ ආරෝපනය කිරීමට යොදා ගන්නා විදුලිය ලබා ගන්නේ කෙසේද? අපි දැනට මුලින්ම කරන්න ඕන ගෘහස්ථ විදුලි පාරිභෝගිකයින්ට සූර්ය තාප විදුලි ජනක (Solar power) යන්ත්‍ර පිහිටුවා ගැනීම සදහා දිරිමත් කිරීමයි. ඒ සදහා යම් බදු සහනයක් ලබාදී හෝ මෙම ක්‍රමය අඩුම තරමින් එක් ගමකට නිවාස 25ක් වත් ලෙස ක්‍රියාත්මක කලොත් මේ පවතින විදුලි අර්බුධයට එය යම් පිටුවහලක් වේවි. අවසානයේ එය ඉන්ධන අර්බුධයටත් පිළියමක් වේවි.

:       0       9

කිරි පුතා Friday, 26 August 2022 11:13 AM

මොන නවීන වැඩේ කරන්න ගියත් නීතිය හරස් වෙනවා. හරියට හනමිටි කතාව වගේ. ඔය නීතියෙන් වැරදි කාරයෙක් නිවැරදි කරගන්නත් බෑනෙ. ඒවා යාවත්කාලීන වෙන්න ඕන. ඔය රෝද තුනේ වාහනේ විදුලියෙන් දුවන්න හදලා මදි. ඒවා ආරෝපණය කරගැනීමට සූර්ය බලය භාවිතා කළ යුතුයි.

:       0       4

තුශාර Friday, 26 August 2022 12:37 PM

මේ රටේ හැමදාම රට ගොඩ දාන්න පුලුවන් වගේ වැඩ පටන්ගන්න අනුමැතිය දීලා ව්‍යාපාරිකයො ඒවට ඉන්වෙස්ට් කරාට පස්සෙ එකපාරටම ඒ නිති වෙනස් කරනවා, එව්ට ඒ ව්‍යාපාරිකයා නැත්තටම නැති වෙනවා, ඒ නිසා අපිට අවශ්‍ය රජයේ හිතෙන හිතෙන වෙලාවට වෙනස් වන නීති නැතුව ධීර්ගකාලීන නොවෙනස් වන නීති. අපි උනත් එතකොට තමයි මේවගේ අලුත් දේවල් වලට ඉන්වෙස්ට් කරන්නෙ

:       0       3

ලංකා පුත්‍ර Friday, 26 August 2022 01:23 PM

ඇත්තටම ලංකාවේ තමයි මුලින්ම අත් ට්‍රැක්ටරය නිෂ්පාදනය කළේ... ඔය නීති තමයි ඒක ලියාපදිංචි කරන්න නුදුන්නේ. ඉන්පස්සේ හෙලිකොප්ටරය හැදුවේත්, අත්ට්‍රැක්ටරය හැදූ අය තමයි ඒකටත් හරස්වුනේ.. එකතැනක පල්වෙන සංවර්ධනය අඩාල කරන ලියාපදිංචි නීති... දැන්වත් අරගලකරුවන් කියන ලෙසට හැඩගැසී රට ගොඩගන්න බලනවා නම් හොඳයි.. දැන් දැන්ම හණමිටිය කැලයට දමා රට හදන නීති සකසමු..!

:       3       2

සුරංග Friday, 26 August 2022 01:25 PM

කුඩා ප්‍රමාණයේ කාර් සඳහාත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න බලන්න...

:       0       3

සහන සෙවන පදනම Friday, 26 August 2022 03:53 PM

බොහෝම හොඳයි.. වරදින්න ඕනෑලු හරියන්නත්... අපේ හදපිරි ස්තුතිය..!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 428 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site