IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


තූර්යවාදක පුහුණුවකට පැමිණි සිසුවිකගේ ඇග අතගාලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ  පැවැත්වෙන සතියක තූර්යවාදක පුහුණුවක් සඳහා පැමිණ සිටි සිසුවියක් නේවාසිකාගාරයේ නිදාගෙන සිටියදී අළුයම් කාලයේ එහි ඇතුළු වූ පුද්ගලයෙකු එම  සිසුවියගේ සිරුර අතගානා අවස්ථාවේ සිසුවිය අවදිවී කෑගැසීම නිසා එම පුද්ගලයා පලාගොස් ඇතැයි හසලක පොලිසිය පවසයි.

නිදාගෙන සිටි ඇඳ අසලට පැමිණි එම පුද්ගලයාතමාගේ එක් කකුලක් අතගෑ අවස්ථාවේ අවදි වී කෑ ගැසූ බවත් එයින් කලබලයට පත් වූ එම පුද්ගලයා කොරිඩෝව දිගේ දිව ගිය බවත් එම සිසුවිය පොලිසියට පැමිණිලි කර ඇතැයි කියති

එම පුද්ගලයා කැමා ටී ෂර්ට් එකක් හා කළු පැහැති කලිසමක් ඇඳ සිටි බවත් එම සිසුවිය වැඩිදුරටත් පවසන්නේ  යැයි පොලිසිය පවසයි

කොරිඩෝවේ සවිකර  තිබූ විදුලි පහන්ආලෝකයෙන්  මේ බව දුටු බවත් එම සිසුවිය වැඩිදුරටත් පොලීසියට පවසා ඇතැයි දැන ගැනීමට ඇත

තවත් පාසල් සිසුවියක්   තමා නිදා සිටි ඇද අසල පිරිමි පුද්ගලයෙකු සිටිනවා දැකඅවතාරයක් යැයි සිතා බියට පත්ව බෙඩ් ශීට්  එක පාදාන්තයේ සිට හිස දක්වා පොරවාගත් බව පවසන්නේ යැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි

 මෙමසිද්ධියට මුහුණ පෑ බව කියන සිසුවියන් දෙදෙනා මහනුවර ප්‍රදේශයේ  බාලිකා විද්‍යාලය දෙකක ඉගෙනුම ලබන සතියක කාලයක් සඳහා තූර්යවාදක පුහුණුවීම් සඳහා පැමිණ සිටිසිසුවියන් යැයි ද  පොලිසිය වැඩිදුරටත් පැවසීය

 පොලිස් හදිසි ඇමතුම් අංශයට මේ බව දැනුම් දීමෙන් පසු හසලක පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එහි පැමිණ පරීක්ෂණ ආරම්භ කරනු ලැබීය

සිසුවියන් දෙදෙනාට ලිංගික අතවරයක් කිරීමට උත්සාහ කර පලාගිය පුද්ගලයා හොයා හසලක  පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි

මෙම පුද්ගලයා ගැන තවම තොරතුරු ලැබී නොමැති බවද පොලිස් ආරංචි මාර්ග වලින් වැඩිදුරටත් දැන ගැනීමට ඇත



අදහස් (3)

තූර්යවාදක පුහුණුවකට පැමිණි සිසුවිකගේ ඇග අතගාලා

දිසා.. Friday, 10 March 2023 12:52 PM

මෙවන් මධ්‍යස්ථාන සඳහා නිසි ආරක්ෂාවක් ලබා නොදීම සම්බන්ධයෙන් මෙහි ප්‍රධානියාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි.

:       2       7

පිටිගල මිලානෝFriday, 10 March 2023 02:28 PM

නිසි ආරක්ෂාවට තමයි රණවිරුවෝ දාලා ඉන්නේ…. ඒ අය කැමා ඇදගෙන රෙඩිපිට ඉන්නේ. ඒ අයම කමයි මේ ළමයින්ට පුහුනුව දෙන්නේ. පුුහුණුවට මොනා අඩංගුද කියන එක නම් දැන් ප්‍රශ්නකාරියි වගේ…

:       0       4

ලමය Friday, 10 March 2023 01:56 PM

මාලිමාවෙ එක්කෙනක්ද ?

:       6       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 396 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site