
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීම සඳහා කිසිදු සැලසුමක් හෝ ක්‍රියාමාර්ගයක් නොගන්නා බව මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන සැලසුම් හා සංචාරක අමාත්‍යාංශය පවසයි.
එවැනි දේ රජයේ ප්‍රතිපත්තිවලට අනුකූල නොවන බවද අමාත්‍යාංශය කියයි.
2024.09.27 දිනැති සහ අංක 2403/53 දරණ අති විශේෂ ගැසට් පත්‍රයෙහි ඇතුළත් කරුණු පදනම් කර ගනිමින් මහජනතාව නොමග යවන සුළු ප්‍රවෘත්ති නිර්මාණය කිරීම හා ඒවා ජනතාව අතර ප්‍රචාරය කිරීමට විවිධ පාර්ශ්වයන් උත්සාහ දරමින් සිටින බව නිරීක්ෂණය වී ඇතැයි ද අමාත්‍යංශය කියයි.
දරුවන් හා ගැබිණි මව්වරුන්ට ත්‍රිපෝෂ ලබාදීමේ වැඩසටහන වඩාත් ඵලදායීතාවයකින් යුතුව ඉදිරියටත් ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයා දෙමින් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම වඩාත් ශක්තිමත් හා කාර්යක්ෂම ආයතනයක් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාමාර්ගයන් කඩිනමින් ගනු ලබන බවටත් අමාත්‍යංශය ප්‍රකාශ කර සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතාණෝ කිව්වා ත්‍රිපෝෂ සමාගම වික්කා කියලා, ඉතින් අපි ඒක විශ්වාස කරමු හොඳේ...!
ගැසට් රිවස්, පොරොන්දු රිවස්.
ත්‍රිපෝෂ හදන පුද්ගලික අන්ශයේ අයට රජයේ ත්‍රිපෝෂ සමාගමෙන් කරදරයි. ඒ නිසා ඕක කොහොමහරි වහන්න ඕන.
අපි රැවටුණා හොඳේ. ගින්නක් නැත්නම් දුමකුත් නැහැ...!
ඈවර කරන්න යෝජිත ආයතන අතරට ත්‍රිපෝෂ සමාගම ඇතුළත් කලේ ඇයි? ඒවගේම ත්‍රිපෝෂ සමාගම සෞඛ්‍ය අමාත්‍යශයෙන් අයින් කරලා මුදල් අමාත්‍යාංශය යටතට ගත්තේ ඇයි? ඔය නිවේදන වලින් ඒ ගැසට් එක අහෝසි වෙන්නෙ නැහැ.
චින්තක ඔයා ගැසට් එක කියෙව්වාද? මේ රටේ හැමෝම එකවගේ නෙවේ.කරුණු සොයලා බලලා තීරණය කරන අයත් ඉන්නවා.
මේ රටේ ගැසට් නිවේදන කියවා තේරුම් ගත හැකි පිරිසත් තවම සිටිනවා කියා බලධාරීන් තේරුම් ගත්තොත් හොදයි. ගැසට් නිවේදනය නිවැරැදි නම් කවුරුත් කලබල විය යුතු නැහැ.
ගැසට් නිවේදනයක්... ඊට පසුව කරන සාමාන්‍ය නිවේදනයකින් වෙනස් කළ නොහැකියි. එය රටේ නීතිය වේ....!
ත්‍රිපෝෂ සමාගම සහ සතොස ආයතනයේ ලොකුම ලොක්කා අතර සම්බන්ධයක් ඇත්ද?
එතකොට මේ ගැසට් නිවේදනය කළේ කාගේ අනුමැතිය අරගෙනද? කවුද මේ ගැසට් නිවේදනය නිකුත් කලේ. වහාම පරීක්ෂණයක් කළ යුතුයි. අමහරවිට මේක රජය අප්‍රසාදයට ලක් කිරීමට කළ කුමන්ත්‍රණයක් වත්ද?
ගැසට් ගහන්න තියා , පහුගිය ආණ්ඩුව අත්සන් කරපු තෙල් ගිවිසුමවත් හරියට තේරුම් ගන්න බැරි, තඹුත්තේගම අනුරයි , එයාගේ කෝඩුකාර ජනාධිපති ලේකම් සහ අනුරාධපුරේ වසන්ත කොලුවාගෙන් තව මොනවා බලාපොරෝත්තු වෙන්නද?