(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
මවුවරුන්ට සහ දරුවන්ට ලබාදෙන ත්‍රිපෝෂවල ඇල්පාට්‍රොක්සීන් විෂ කාරක අඩංගු බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එම අසත්‍ය පැතිර වූ නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය.
ඔහු මෙසේ පැවසූවේ සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය:
ත්‍රිපෝෂ වල ඇල්පාට්‍රොක්සීන් විෂ කාරකය අඩංගු බවට මාධ්‍ය වාර්තාවක් තියෙනවා. මේක අක්මාවට හානි කරන විෂ කාරකයක්. මේ වාර්තාවේ නම් තියෙන්නේ ඇල්පාට්‍රොක්සීන් කියලයි. මේවා නිසි නියාමනයකින් තොරව බෙදා හැරීම සම්බන්ධයෙන් ඔබතුමා ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද?
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල:
මේ කියන ප්‍රශ්නය සම්බන්ධයෙන් මම ඊයේ හවසම කතා කළා. අමුලික බොරැවක් කියලා වගකීමක් ඇතිව මම මේ පාර්ලිමේන්තුවේදී කියනවා. මේ ප්‍රශ්නය ඇති කිරීමට සම්බන්ධවූ නිලධාරීන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා ඊයේ රෑත් , අද උදෙත් ලේකම්තුමාට කිව්වා. පිළිකාකාර තියෙනවා කියලා සමාජයක් බය ගැන්වීම නින්දිත ක්‍රියාවක්. එවැනි ප්‍රකාශයක් කරනවා නම් අපේ ලේකම්තුමාගෙන් අවසර ගන්න ඕන.
වැඩිදුර විස්තර:- රට පුරා ත්‍රිපෝෂවල විෂ කාරකයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ට විස සහිත දෙයක් ගැන කියන්න මෙයාගෙ ලේකම් ගෙ අවසර ඔනලු - මෙතන මොකක් හරි අව්ලක් තියෙනවා මතකද මෙයා උඩ පැනපු හැටි අර පොහොර නැව ගැන.
ඔය විදිහට බොරු කියන්න නිලධාරින්ට ඔල්මාදේ නැහැ. ඒ නිසා දේශපාලකයින් හා ඔවුන්ට අවනත ඇතැම් ඉහළ අය වැඩේ වහගන්න වෙනත් උප්පර වැට්ටියක් යොදනවා වගෙයි පේන්නේ. ප්‍රථමයෙන්ම, මේ කියනා ලද ත්‍රිපෝෂවල එම විෂ රසායනික නොමැති බව නිසි පරීක්ෂණයකින් තහවුරු කිරීමට කටයුතු කරන්න. නිකං වැඩේ යටගහලා රටේ ජනතාවගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා. ඔය කියන නිලධාරින් බොරු කියනවා නම්, ඔවුන්ව රැකියාවෙන් ඉවත් කරන්න පුළුවන් නේද? ඇයි එසේ නොකරන්නේ?
සාම්පල අරගෙන රසායනාගාර පරීක්ෂණයකින් තහවුරු කරන තුරු කිසිවෙකුත් හරි හෝ වැරදි යැයි කිව නොහැකිය.
කරුණාකර රහස් පොලිසියට පැමිණිලි කරන්නකෝ ඇමැතිතුමා..? ඇයි ඒවා කරන්නේ නැතිව විනය ක්‍රියාමාර්ග ගන්න යන්නේ? එදාමෙදා තුර පත්කරපු ජනාධිපති... අර කොමිසන්, මේ කොමිසන්වලින් වැරැදි කරපු අයට දඬුවම් දුන්න එක අවස්ථාවක් තියෙනවද? බොරු බයිලා එපා...
මේ කාලකණ්ණි දේශපාලකයින් ඉන්නකන් රටට කිසිම සෙතක් නැහැ...
"මම මෙල්බර්න් හෝටලේදි කොටු පනින්න ගිහින් පහළට වැටුණා කියන එකත් බොරු"
දුශිත දේසපාලුවෝ තරම් බොරු කියලා ජනතාව ගොනාට අන්දවන අය ලොවෙත් නැතුව ඇති.