(තිලිනි මධුෂානි)
පාසල්වල 8 ශ්‍රේණයෙන් ඉහළ ශ්‍රේණිවල සිසුන් සදහා තොරතුරු තාක්ෂණය විෂය මාලාව සංශෝධනය කිරීමට කටයුතු කර ඇත.
තොරතුරු තාක්ෂණය විෂය මාලාව සමග කෘතිම බුද්ධිය විෂය ධාරාවට හදුන්වා දෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙම නියමු ව්‍යාපෘතිය මාර්තු 19 වැනිදා පාසල් 17 ක් සම්බන්ධ කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
අධ්‍යාපන අමාත්‍යංශය සමග මයික්‍රොසොෆ්ට් ආයතනය එක්ව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව දරුවන්ට දැනුම ලබා දීමට අපේක්ෂිත බව එම මහතා සදහන් කළේය.
ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයට සියවසක් පිරීම නිමිත්තේන් පැවති උත්සවයට සහභාගී වෙමින් මේ පිළිබදව වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සෙල්ලාම පාලකයන්ට කෘතිම බුද්ධියවත් දෙන්න ඕනේ...!
තව උත්සව දෙකකට ගියානම් මොනවා හඳුන්වා දෙයිද? අනේ ඇමැතියෝ..?
මිට වසර 25 කට පමණ පෙර අපේ දේශපානඥයින් කොම්පියුටර් කොම්පියුටර් කියමින් රටේ මහජනතාව ඇන්දෙව්වා . නමුත් අදත් අපේ අධ්‍යාපනය 17 වන සියවසේ තියෙන්නේ . උසස්පෙළ ලියන ළමුන්ගෙන් අදත් සියයට 80% ක් විතරම එලියට විසි වෙනවා . කලා විෂය ධාරාව කරන ළමයින් සදහා අනාතයි මොකද ඒ අයට හදාරන්න වෙලා තියෙන්නේ රැකියා වෙළඳපොලේ කිසිම ඉල්ලුමක් නැති විෂයයන් . අනෙකුත් අයගෙනුත් ඉතා සුළු පිරිසක් විතරයි ගොඩ යන්නේ මොකද අපේ රටේ උස්සස්පෙල සිසුන්ව බලහත්කාරයෙන් විෂයයන් 3 කට හිර කරනවා . එතනින් තමයි ඔය අසීමිත තරඟය ළමුන් අතර ඇතිවෙන්නේ . දියුණු රටවල ළමුන්ට පුදුම නිදහසක් තියෙනවා මෙම විෂයන් තෝරාගැනීමේදී . උදාහරණයක් ලෙස ගත්තොත් නර්සින් කරන්න යන අයෙක්ව මොකටද බලහත්කාරයෙන් භෞතික විද්‍යාව විෂයට හිර කරන්නේ ? වාණිජ කරන අයෙක්ව මොකටද ගණකාධිකරණ විෂයට හිර කරන්නේ ? මේවා ලංකාවේ විතරයි තියෙන්නේ .
නායකයින් බොහෝමයකට රට ගැන දුර දර්ශිව හිතීමට නොහැකි බව පෙනී යනවා. එහෙයින් කෘතීම බුද්ධිය ඒ අයටත් දුන්නොත් හොඳයි.
රජය හා අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් හැදුවාට වැඩක් නැහැ. එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන බව අධීක්ෂණය නොකර. 6 ශ්‍රේණියේ සිට ICT ඉගැන්වීම උදෙසා පෙළ පොතක් සහ වැඩ පොතක් සෑම දරුවෙකුටම ලබාදීමට රජය කටයුතු කළත්, ICT සඳහා වාර විභාගයක් අනිවාර්ය කර නැත. මෙම මෝඩ තීරණය නිසා සමහර පාසල් ICT ඉගැන්වීම යලට මහට කරනවා. උදාහරණයක් වශයෙන් නුගේගොඩ විශාලම බාලිකා පාසල ICT ඉගැන්වීම හිතාමතාම මග හරි. 6 ශ්‍රේණියේ සිට දරුවන්ගේ වැඩ පොත් පරික්ෂා කළොත් මෙය තහවුරු වනවා ඇත. කරුණාකර මේවා ගැන සොයා බලන්න. මොවුන් විනාශ කරන්නේ රටේ අනාගත අපේක්ෂාවයි.
මම හැමදාම කියනවා වගේ අදත් කියන්නේ.. මේ ඇමැට්ටෝ ඔය කියවන්නේ කිසිම දිග පළලක් දැනගෙන නෙවෙයි.. ගිරව් පාට්.. වැඩේ කරන්න ගියාම හත් පොලේ ගාගෙන, කරන්න පුළුවන් කෙනෙකුටත් කරන්න බැරිවෙන්න විශ්වාසය බින්දුවටම නැතිකරලා වැඩේ අත් හරිනවා.. එච්චරයි...!