(යොහාන් භාසුර)
තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රය ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට පිළියම් සෙවීමට වඩාත් සුදුසුම ක්ෂේත්‍රයක් බවත් තොරතුරු තාක්‍ෂණ ව්‍යාපාරයෙන් ඩොලර් බිලියනක ආයතනයක් නිර්මාණය කිරීමට හැකිවන්නේ නම් අර්බුදය අවසන් කළ හැකි බවත් ශ්‍රී ලංකා පරිගණක සංගමයේ උප සභාපති ආචාර්ය අජන්ත අතුකෝරළ මහතා පැවසීය.
එම ඩොලර් බිලියනය තනි පුද්ගලයකු හෝ ආයතන කීපයක එකතුවක් ලෙස ලැබිය හැකි බව කී අතුකෝරළ මහතා ශ්‍රී ලංකාවේ අර්ථිකයට තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ දායකත්වය සියයට 15 ක් දක්වා ඉහළ නැංවිය යුතු බව ද සඳහන් කළේය.
තොරතුරු තාක්‍ෂණ ව්‍යාපාරයට බොහෝ දෙනකු යොමු නොවූවද වර්තමානය වන විට ලෝකයේ වඩාත් ලාභදායිම ව්‍යාපාරයක් බවත් ශ්‍රී ලංකාව ද හැකි ඉක්මණින් මහා පාරිමාණයෙන් තොරතුරු තාක්‍ෂණ ව්‍යාපාරයට යොමුවිය යුතු බවත් ආචාර්ය අජන්ත අතුකෝරළ මහතා කීය.
ආචාර්ය අජන්ත අතුකෝරළ මහතා කොළඹදී අද (6) පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ සඳහා පහසුකම් සලසන්න. අපේ ළමයි විදුලිය කපපු වෙලාවට වැඩ කරගන්න විදුලිය නොකපන ප්‍රදේශවලට දුවනවා. මෙම කර්මාන්තය බිඳවැටීම් තොරව කරගෙන යාමට තොරතුරු තාක්‍ෂණ පහසුකම් ඇති Parks ඇති කරන්න. විදුලිය කැපීම නිසා සමහර විදේශීය කොම්පැනි ලංකාවට තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ වැඩ දීමට මැලිකමක් දක්වනවා.