
(යොහාන් භාසුර)
සුප්‍රසිද්ධ ව්‍යාපාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක තොරතුරු තාක්‍ෂණ රැකියා දස ලක්‍ෂයක් ඇති කිරීමේ වැඩසටහනේ ‘ඩී. පී. එඩියුකේෂන් අයි. ටී. කැම්පස් ව්‍යාපෘතියේ අයි. ටී. ඔෆීස් පළමු මධ්‍යස්ථානය තිස්සමහරාම, උද්ධකන්දර රජමහා විහාරස්ථානයේදී අද (10) විවෘත කළේය.
එම ව්‍යාපෘතියේ නිර්මාතෘ ධම්මික පෙරේරා මහතා විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි විය.
එම මධ්‍යස්ථානයේ අධ්‍යාපන ලබන සිසුන් 20 ‘ෆුල් ස්ටැක් ඩිවලොපර්’ තනතුරේ රැකියාගත කළ බවත් ඉදිරි වසර තුන තුළ මෙරට සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි නවීණ පරිගණක 7,000 කින් යුත් ‘ඩී. පී. එඩියුකේෂන් අයි. ටී. කැම්පස් විවෘත කරන බවත් ධම්මික පෙරේරා මහතා පැවසීය.
උද්ධකන්දර රජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී බෙරලිහෙල පදුම හිමියන්ගේ සම්බන්ධීකරණයෙන් එම විවෘත කිරීමේ උත්වය පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න එහෙම ඕවා පටන් ගන්න හැම අවස්ථාවකම පත්තරේ ෆොටෝ එකක් දාලා පටන් ගන්න .නැතිනම් කොහෙවත් නැති පිනෙක් ඇවිත් නම ගහගනියි
...ඉතාම හොඳ වැඩක්...ඇයි මේ වගේ මනුස්සයෙක්ව රටේ නායකයා කරන්න මිනිස්සු හිතන්නේ නැත්තේ......
එංගලන්තෙන් ගෙනාව කුනු ජරාව ආපහු යවල ඉවරද? බදූ නැති සීනි ලොට් ඉවරද?
මගේ යහලුවෙක් කිව්වා අපිටත් ඔය පාසලක් ගමට ඉඉල්ලන්න කියලා මම එය ගැන කිව්වම ගමේ උගතුන් කියන සමහරක් (වි.වි.බාහිර ඇදුරෙක් පවා දේශපාලන කටයුතු එපා කියලා තර්ජන කරන්න ගත්තා ) බොහොමයක් දෙනා බැලුවෙ දේශපාලනය මිස දරුවන්ගේ අනාගතය නොවෙයි එහෙම මිනිස්සු ඉන්න රටක් කොහොම හදන්නද කියලා තේරුම් ගන්න බැහැ මොන පක්ෂයේ කෙනෙක් වුනත් මේ කටයුත්ත ඉතාමත් හොදයි කියන්න පුළුවන්
කම්මැලිකමට අනුන්ට බැන බැන ඉන්නවට වඩා මේ වගේ වැඩක් කිරීම ඉතාම අගය කල යුතුයි
ඉතාම හොඳ වැඩක් .ඔබට අපේ උපහාරය
මේවා දැක්කම ඉතින් ගොනා හැරෙන්නේ මොන පැලේටද කියලා තේරෙනවා