(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ට්න් අංකය තරුණයන්ට මහ වදයක්  බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (11)  පැවසීය.

"අවුරුදු 18 දී  අපි එදා බදු ගෙව්වේ නැහැ" යැයිද  ඔහු සඳහන් කළේය.

කිරිඇල්ල මහතා මෙසේ පැවසුවේ බදු සඳහා ලියාපදිංචිවීමේ ටින් අංකය සම්බන්ධයෙන්  සාකච්ඡාවක් ඇතිවූ අවස්ථාවේදීය.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද පැවසීය.

තරුණයන්ට රැකියා නැහැ. ට්න් අංක දෙනවා. ආදායම අනුව තමයි ලියාපදිංචි කරන්න ඕන.

අවුරුදු 18දී අපි එදා බදු ගෙව්වද.අපි නීති විද්‍යාලයට ගිහිල්ලා පිටවෙලා අවුරුදු ගාණක් ගියාට පස්සේ තමයි බදු ගෙව්වේ. මේක ජනතාවට තරුණයන්ට පීඩනයක්. ටින්  නම්බරයක් ඇරිය නැතිවුණොත්  නඩු දානවා කියන එක පීඩනයක්. පරාතී නීතිය අත්හිටුවන්න කියලා අපි ඉල්ලුවා. මේ ආණ්ඩුව ඒ නීතිය අත්හිටෙව්වේ  පොළොන්නරුවේ වීමෝල්කාරයන්ට විතරයි.