IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


තරුණයන්ට අලුත් රැකියාවක්

(යොහාන් භාසුර)

ලිට්‍රෝ ගෑස් සමාගම අද (13) දිනයේ ද ගෑස් බෙදානොහැරීම නිසා ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටියහ.

රට තුළ ගෑස් හිඟයක් ඇති වී තව වූ මාස හතරක පමණ කාලය තුළ දිගින් වැඩිම ගෑස් පෝලිම් අද රට පුරා දැකිය හැකි වූ අතර බොහෝ ප්‍රදේශවල ගෑස් සිලින්ඩර පොකුරු ආකාරයට සම්බන්ධ කර කුලියට ආරක්‍ෂා කරන ආකාරයක් දැකිය හැකිය.

මෙහිදී එක සිලින්ඩරයක් රැයක් ආරක්‍ෂා කිරීමට රුපියල් 100 යේ සිට රුපියල් 500 දක්වා මුදලක් අය කරන බව ද වාර්තා වේ.

ලිට්‍රෝ සමාගම අද (13) දිනය වන විට අඛණ්ඩව දින 9 ක් ගෑස් සපයා නොමැති අතර එම කාලය පුරාම පෝලිම්වල රැදී සිටින බෙදානොහැරීම ගෑස් ලබාගැනීමට ජනතා පෝලිම් දිගු වී ඇති අතර ඇතැම් ප්‍රදේශවල පාරිභෝගිකයෝ දින ගණන් පෝලිමේ රැදී සිටින බව ද වාර්තා වේ.  

එම දින 9 තුළ එම සමාගම පසුගිය 7 වැනිදා බස්නාහිර පළාතේ ඇතැම් ප්‍රදේශවලට පමණක් සුළු ගෑස් සිලින්ඩර සුළු ප්‍රමාණයක් සැපයීය.

ලිට්‍රෝ සමාගම ආනයනය කළ ගෑස් මෙටි්‍රක්ටොන් 3900 ක් රැගත් නෞකාවකට අද (13) දිනයේ ද මුදල් ගෙවීමට නොහැකි වීමෙන් මේ වන විට දින 6 ක කාලයක් නිදහස් කරගැනීමට නොහැකි වී තිබේ. 



අදහස් (2)

තරුණයන්ට අලුත් රැකියාවක්

siri Monday, 13 June 2022 05:16 PM

කාලකණ්ණි නායකයෝ කීපදෙනෙක් රටම කාලකණ්ණි කළා...!

:       1       17

swiss Monday, 13 June 2022 05:47 PM

ඔය තරුණයන්ට මොබයිල් එකකුත් සපයන්න ඩේටා සමඟ... ජීවිත කාලයම ඔතන ඒක බලබල කොට කොටා ඉඳියි...!! ඕක තරුණයෝ කාළකණ්ණි කරන්න තවත් වෑයමක් පමණි...!

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 267 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 69 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 243 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site