(අංජුල මහික වීරරත්න)
තරුණ ප්‍රජාවට පළාත් පාලන ආයතනවල 25%ක නියෝජනය තහවුරු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා පැවසීය.
මීට පෙර තරුණ අසහන කොමිෂන් සභාව මඟින් පළාත් පාලන ආයතන නාම යෝජනා සඳහා 25%ක තරුණ නියෝජනයක් ලබා දී තිබුණද, පසුගිය සමයේ එම අවස්ථාව අහිමි වී ගිය බව සඳහන් කළ මන්ත්‍රීවරයා එම අවස්ථාව නැවත ලබාදීමට දරන මෙම ප්‍රයත්නයට සියලු පාර්ශ්වවල සහාය අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා මෙම අදහස් පළ කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (18) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
මෙරට තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා තරුණ ප්‍රජාව දායක කර ගැනීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබෙන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
තරුණයන්ට 25% දෙන පනත පාර්ලිමේන්තුවට