(අනීෂා මානගේ)
තංගල්ල නගරයේදී තරුණයන් දෙදෙනෙකු පැහැරගෙනගොස් පහරදුන් බවට සැකපිට පුද්ගලයන් සිව්දෙනකු අද(16) අත්අඩංගුවට ගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.
අත්අඩංගුවට පත්ව ඇත්තේ තංගල්ල මැඩිල්ල සහ මැදකැටිය ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 20ත් 25ත් අතර පසුවන දෙදෙනෙකි.
ඉකුත් 13දින ත්‍රිරෝද රථයකින් පැමිණ තංගල්ල නගරයේදී 18 සහ 21 හැවිරිදි තරුණයන් දෙදෙනකු පැහැරගෙන ගෙන ගොස් පහරදුන් බවට සැකපිට මොවුන් අත්අඩංගුවට ගෙන තිබිණි.
තරුණියකට අතවර කිරීමට උත්සහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පැහැරගැනීම සිදුව ඇතැයි පොලිසිය කියයි.
පහරකෑමෙන් තුවාල ලැබූ තරුණයන් දෙදෙනා මේ වන විට තංගල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරවාට්ටුවක් කිට්ටුවක තියෙනවාද? ඒ තැන තමා චණ්ඩින්ට හොඳ...
හිරුණිකා කියලා කවුරු හරි ඉන්නවද?