IMG-LOGO

තරුණියට පහරදුන් යුවළ පොලිසියට මාට්ටු

ඉන්දික රාමනායක

සේවා ස්ථානයක් තුළ දී තරුණියකට අමානුෂීක අතින් පයින් හා පුටුවලින් පහර දුන් අඹුසැමි යුවළක් අද (15) කදාන ආනියාකන්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කදාන පොලිසිය පවසයි.

සැකකාර යුවළ තරුණියට පහර දෙන අන්දම සාමාජ මාධ්‍යවල හා විද්‍යුත් නාලිකාවල පෙරේදා (13) පළවු අතර, ඒ ඔස්සේ විමර්ශන සිදුකර සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කදාන ප්‍රදේශයේ භාණ්ඩ බෙදා හැරීමේ නිරත පුද්ගලික ආයතනයක හිමිකරු හා ඔහුගේ බිරිඳ බවද පොලිසිය පවසයි.

කිසියම් රාජකාරි අතපසුවක් හේතුවෙන් සැකකරු හා සැකකාරිය එම ආයතනය තුළ ඉහත තරුණියට අතින් පයින් හා ප්ලාස්ටික් පුටුවලින් පහර දී ඇති අතර, එම සිදුවීමේ වීඩියෝ පට සාමාජ මාධ්‍ය වල ප්‍රචාරය විය.

සැකකරු හා සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. 

 



අදහස් (3)

තරුණියට පහරදුන් යුවළ පොලිසියට මාට්ටු

Ruhunu Sunday, 15 October 2023 05:39 PM

අවජාතකයෝ

:       0       1

Senarath Monday, 16 October 2023 09:08 AM

ඒ තිරිසන් මිනිහා නම් එල්ලලා මරන්න ඕනේ, ගහපු ගැහිල්ලට... මේ වගේ තුච්ඡ ආයතන වැහෙන විදිහට කටයුතු කරන්න පාරිභෝගිකයින් වගබලාගත්තා නම් අඩුම තරමේ ආයතන තමන්ගේ සේවය ගැන සැලකිලිමත් වේවි.

:       0       5

dasun Monday, 16 October 2023 09:25 AM

නීතිපති විසින් මහාධිකරණයේ වහා අධි චෝදනා ගොනුකළ හැකි සිද්ධියකි...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 662 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 362 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 501 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site