(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)
කුරුණෑගල, යග්ගහපිටිය ඉන්ධන පිරවුම්හලේදී පුද්ගලයකුට පහරදුන් බවට චෝදනා එල්ල වී ඇති යුද හමුදා නිලධාරියා වාහාම ක්‍රියාත්මක වන පරිදි රාජකාරිවලින් තාවකාලිකව ඉවත් කළ බව යුද හමුදාව පවසයි.
එම සිද්ධිය පිළිබඳව යුද හමුදාව ක්‍රියාත්මක කර තිබෙන පරීක්‍ෂණය අවසන් වන තෙක් එම රාජකාරිවලින් ඉවත්කිරීම බලපැවැත්වෙන බව ද යුද හමුදාවේ උසස් නිලධාරියෙක් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවට කියන්නේ ශෝ වැඩ කියල .
පඩි ගෙවනවද?
එතකොට අපේ ‘‘සර්‘‘? ලක් මවගේ බඩට පයින් ගහලා තියෙන්නේ...!
වැඩ නැවැත්තුවාම සාධාරණයක් වෙනවද?
යුද හමුදා නිලධාරියකු විසින් ඉන්ධන පිරවුම්හලේදී පුද්ගලයකුට පහරදීම සහ නිතිය සහ මනුෂත්වය පිළිබද කිසිදු තැකීමක් නොකරන හෝ නොදන්නා තරු ගසා සිටින මේ නිලධාරීයා සමස්ත සමස්ත යුද හමුදාවටම කර තිබෙන්නේ නිගාවකි. වාහාම ක්‍රියාත්මක වන පරිදි රාජකාරිවලින් තාවකාලිකව ඉවත්කිරීම දඩුවම ප්‍රමාණවත්ද
මේ වගේ මැරයෝ හමුදාවට ඕනෑ නැහැ... ගෙදර යවන්න...
හිත නිවන කථා. තව ටික දවසකින් කවුරුත් දන්නෙ නැහැ එයා හිටපු තැනම හිදීවි.
ඔතනින් නවතින්න එපා. හමුදාව ඇතුලේ කෙරෙන පරීක්ෂණ ගැන එතරම් විස්වාසයක් නැහැ. මේ 1971 නොවයි. මේ ගොයියාට විරුද්දව ක්‍රිමිනල් නඩුවක් දාන්න අර අහිංසකයාට උදව් කරන්න.
හමුදාවේ විනය දිනෙන් දින ඉතාමත්ම ප්‍රබල ලෙස පිරිහෙමින් පවතිනවා.මෙවැනි නිලධාරීන් එදා යුද්ධ කරන කාලේ හිටිය නං කවදාක්වත් යුද්ධය ජයග්‍රහණය කරන්න හම්බ වෙන්නේ නෑ.ඉතාමත්ම විනයගරුක නිලධාරියෙක් වූ ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ යටතේ එදා හමුදාවේ ලොකු විනයක් තිබුණා.ඒක නිසා යුධජයග්‍රහණය කරන්න පුළුවන් වුණා.අද හමුදාව සහ පොලිසිය බල්ලට ගිහිල්ලා.
මොන බොරුද බලන්නකෝ පහරකාපු කෙනාට මොන සැලකීමක් ලැබෙයිද කියලා...?
පිළිකුල් කළයුතුයි මෙම පුද්ගලයාව...
කියන්න දෙයක් නැහැ. පොලිසියේ වගේම සුනඛයින්ද හමුදාවේ ඉන්න බව වටහා ගතිමි.. ජනදුක නොහඳුනන මෙවන්නන් හමුදාවෙන් පැන්නිය යුතුයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11වන ව්‍යවස්ථාවේ " කිසිම තැනැත්තකු වධහිංසාවලට හෝ කෲර අමානුෂික හෝ අවමන් සහගත සැළැකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොකළ යුත්තේය. "යනුවෙන් ද, 12(1) ව්‍යවස්ථාවේ" නීතිය පසිඳලීම හා ක්‍රියාත්මක කිරීමද නීතියේ රැකවරණයද සර්ව සාධාරණ විය යුත්තේය." යනුවෙන් ව්‍යවස්ථා වී තිබීමද, එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 5 වෙනි වගන්තියේ "කිසිම පුද්ගලයකු වද හිංසාවට හෝ කෲර අමානුෂික පහත් සැළකිල්ලට හෝ දඬුවමකට හෝ භාජනය නොකළ යුත්තේය. " යනුවෙන් ද, තවද එම තත් ප්‍රකාශයනයේ 6 වන වගන්තියේ " සෑම අවස්ථාවකදීම නීතිය ඉදිරියේ පුද්ගලයකු වශයෙන් පිළිගනු ලැබීම අයිතිය සෑම කෙනෙකුම සතුයි ." යනුවෙන් ද, එසේම තත් ප්‍රකාශයනයෙහි 7වන වගන්තියේ " සියල්ලන්ම නීතිය ඉදිරියේ එකිනෙකාට සමාන වන අතර, නීතියේ ආරක්ෂාව ලැබීමට කිසිඳු විශේෂයක් නොමැතිව සියල්ලෝම හිමිකම් ලබති. මේ ප්‍රකාශයනයට පටහැනි ලෙස කෙරෙන ඕනෑම අසාධාරණයකින් ආරක්ෂා වීමේ අයිතියත් එබඳු අසාධාරණයන්ට පෙළඹවීමෙන් ආරක්ෂා වීමේ අයිතියත් සියල්ලන්ටම හිමි වේ."
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතියෙහි 7වන වගන්තියේ "කිසිඳු පුද්ගලයකු වද හිංසාවකට හෝ කෲර අමානුෂික හෝ පහත් සැලකීමට හෝ දඬුවමකට හෝ භාජනය නොකළ යුතුයි... විශේෂයෙන් කිසිවෙකු ඔහුගේ ස්වාධීන අනුමැතිය නොමැතිව වෛද්‍ය හෝ විද්‍යානුකූල අත්හදා බැලීම්වලට භාජනය නොකළ යුතුයි." යනුවෙන් සම්මත කර ඇති බැවින්ද, රජය විසින් මෙම ව්‍යවස්ථා සහ අන්තර්ජාතික සම සම්මුතීන්ට අනුව කටයුතු කිරීමට බැඳී ඇති බැවින් යුද හමුදා නිලධාරීන් රජ්‍ය සේවයේ යෙදෙන්නන් වශයෙන් නිරායුධ සිවිල් වැසියෙකුට පහරදීම බරපතළ කාරණයකි. අපරාධ නීතිය අනුව අපරාධයකි. බැලූ බැල්මට අපරාධයක් සිදුවී ඇති බව පෙනීයන බැවින් එකී අපරාධයේ සැකකරුවකු වශයෙන් පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගත යුතුයි. අත්අඩංගුවට ගෙන පරීක්ෂණ මෙහෙයවිය යුතුයි. එසේ නොමැතිව කටයුතු කිරීම ඉහත දක්වන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාවන් හා අන්තර්ජාතික සම්මුතීන් බිද දැමීමක් බව කිව යුතුය. මෙසේ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරමින් "එක රටක් එක නීතියක්" යන සංකල්ප හරසුන් වචන පමණක් වනවා ඇත.
වැඩ වරදි කාටද , ඔය බොරු දාන්න එපා, ඔය වරදින්නෙ පත්තරෙන් , තව දවස් කීපෙකින් රන විරු ලේබල් එක ගහල මිනිහ වැඩ.
රනවිරුවො කියලා ගරු කරල තියෙන්නෙ සතෙකුටත් අන්ත කෙනෙකුටනෙ.
මේ මිනිහව එල්ලන්නයි තියෙන්නෙ.
ඔය පහර කාපු පුද්ගලයා මිනිස්සුන්ට තග දාලා පළාතේ දාමරික කල්ලියක් යොදා ගෙන පෝලිමෙන් පිට කට්ටිය දාල තෙල් එකතු කරන කෙනෙක් කියන කතාව ඇත්තක්ද?
මට පැට්‍රල් ලීටරය රු 2000 ගන්න සිදු උනාම පෝලිමේ ඉන්න පාතාලයෝ පැට්‍රොල් අරන් විකුණන හැටි දකින ඒ නිලදාරිය පයින් ගැසීම සාදාරනයි.