IMG-LOGO

තරුණයකුට සුද්දයක් දැමූ පොලිසියේ හතරක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත කුලරත්න)

කොට්ටාව විද්‍යාල හංදියේදී තරුණයකුගේ ගෙළ බැඳි රන් මාලය සහ ඇපල් වර්ගයේ ජංගම දුරකථනය කොල්ලකෑවැයි මාලබේ පොලිසියට අනුයුක්ත පොලිසියේ සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය කියයි.

සැකකාර පොලිස් නිලධාරීන් අතර පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් තිදෙනෙකු වන බව පොලිසිය කියයි.

කොස්තාපල්වරුන් තිදෙනාගෙන් අයකු පොලිස් විශේෂ කාර්යාංශයේ මාලබේ පොලිසියට අලුත් අයකු බවත් නිලධාරියෙක් පැවැසීය.

කොල්ල කෑමට යොදාගත් ත්‍රීරෝද රථයක් සහ කොල්ල කන ලද රන් මාලය සහ ජංගම දුරකථනය පොලිසිය මඟින් සොයාගෙන ඇත

වලස්මුල්ල වීරකැටිය ප්‍රදේශයේ පදිංචි තරුණයකු ඉකුත් 20 වෙනි දින කොට්ටාව විද්‍යාල හංදියේ පිහිටි සිය සහෝදරියගේ නිවසට පැමිණ එම නිවස ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටියදී

ත්‍රිරෝද රථයකින් පැමිණි මෙම සැකකරුවන් සිව්දෙනා  තරුණයා අසලට පැමිණ ඔහු කර බැඳි රන් මාලය සහ  ජංගම දුරකථනය කොල්ලකා පලාගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි

 

 



අදහස් (0)

තරුණයකුට සුද්දයක් දැමූ පොලිසියේ හතරක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 284 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 457 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site