(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ ඉන්දිකා රාමනායක)
කොට්ටාව විද්‍යාල හන්දිය ප්‍රදේශයේදී ඉකුත් 21 දා පුද්ගලයකුගේ රන්මාලයක් සහ ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක් වංචනික ලෙස සොරාගත් මාලබේ පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයකු ඇතුළු නිලධාරීන් සිව් දෙනාගේ වැඩ තහනම් කළ බව නුගේගොඩ අංක 2 පොලිස් කොට්ඨාශය පවසයි .
මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ මාලබේ පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු සහ විශේෂ කාර්යාංශයේ බුද්ධි නිලධාරියකු බව පොලීසිය කියයි .
මෙම නිලධාරීන් සිව්දෙනා ඉකුත් 21 දා විද්‍යාල හංදිය ප්‍රදේශයේ රාජකාරියක නිරත ව සිටියදී මහමග රැඳී සිටි කතා කිරීමට නොහැකි පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් නිලධාරීන් ගමන්කළ ත්‍රිරෝද රථයකින් මද දුරක් රැගෙන ගොස් ඔහු සන්තකයේ තිබූ රන් මාලයක් සහ ජංගම දුරකථනයක් භාරයට ගෙන මහමග දමාගොස් තිබුණි.
පසුව වලස්මුල්ල වීරකැටිය ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයාගේ ජංගම දුරකථනය සහ රන්මාලය පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු විසින් පැහැරගෙන තමා මහමග අතහැර දමා ගිය බවට කොට්ටාව පොලීසියේ පැමිණිල්ලක් කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ට කැලේ නීතියෙන් තමයි උත්තර දිය යුත්තේ...!
තව බලන් ඉන්නේ ඇය් ?
බුද්ධි නිලධාරීන් හොරකමේ යනවනම් ?
මෙ උදවිය පාතාලයට වඩා බයානකයි. උපරිම දඩුවම් දෙන්න ඔනෙ.
පොලිසියේ නම කෙළෙසන මෙවන් හොරුන් අල්ලන්න තවත් වෙනමම පොලීසියක් පිහිටුවන්න සිදුවේවි. එය පොලිස් හොරුන් අල්ලන පොලිසිය හැටියට නම් කරන්න සිදුවේවි...!
මරන්නේ නැතිව ඔහොම කළාට ස්තුතියි කියමු... නීතියක් නැති අරාජික රටක මෙව්වා නිකම් සුළුම සුළුයි.
නීතියක් නැති අරාජික රටක මේවා සුළුම සුළු දේවල්... ඉහළම ස්ථානයේ සිටින පවුලේ සාමාජිකයින් රටට දෙන ආදර්ශයක්... මේ මුර සෙබළු ආදර්ශයට ගත්තාම ඇති වැරැද්ද මොකද්ද? මෙයාව මරන්නේ නැතිව එව්වට ස්තුතියි කියන්න.. මේ දවස්වල පොලිසිය සහ STF මහත්වරු හොරුන්ව ආරක්ෂා කරන්න දඟලන විදියට මේවා ගණන් ගන්න එපා.. වහල් ජනතාවට මේවාට පුරුදුවෙන්න සිදුවේවි...!