IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


තරුණියකට ලිංගික අතවර කළ අයි.පී. ට වැඩවරදී

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බස් රථයක දි තරුණියකට ලිංගික අතවර කළ බව කියන පොලිස් පරීක්ෂකවරයෙකුට  පහර දී පොලිසියට භාරදීමට තරුණියගේ පියා ඇතුළු කණ්ඩායමක් කටයුතු කළ බව යටියන්තොට පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිතුල්ගල පොලීසියට අනියුක්ත පොලිස් පරීක්ෂකවරයෙකි.

පහර කෑ පොලිස් පරීක්ෂකවරයා අවිස්සාවේල්ල නිවසේ සිට කිතුල්ගල  පොලිසියේ රාත්‍රී සේවයට බස් රථයකින් යමින් සිටියදී යාබද අසුනේ සිටි තරුණියට ලිංගික අතවර කර ඇති අතර ඇය විසින් ඒ බව සිය පියාට දුරකතනයෙන් දැනුම් දීමෙන් අනතුරුව පියා විසින් මිතුරන් පිරිසක් සමග පැමිණ බස් රථය නවතා පොලිස් පරීක්ෂකවරයාට පහර දී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත



අදහස් (5)

තරුණියකට ලිංගික අතවර කළ අයි.පී. ට වැඩවරදී

කිරිපුතා Thursday, 14 September 2023 07:58 PM

නීතිය දන්න අයටත් විනයක් නෑ. ගුටියට හපං විලිලැජ්ජාව. මේවා කාට කාටත් හොඳ පාඩම්

:       0       2

Nihal Thursday, 14 September 2023 08:29 PM

නොසෑහෙන්න අඩ නිරුවතින් කාන්තාවන් යන බසයක්, වයසක කාන්තාවකුක් කිටි කිටියේ හිරට කලිසමකට බැහලා යනවා ඔක්කෝම ප්‍රශාරණය වෙලා එල්ලෙනවා.. හරීම පිළිකුලක්...!

:       2       1

NimalFriday, 15 September 2023 01:41 PM

ඉතින් ඔයත් ඒවා බල බල යනවා නේද ?

:       2       2

abaran Friday, 15 September 2023 04:19 AM

පොලිසියේ ඉන්න නීතිගරුක නිලධාරීන්ට මෙය අදාළ නොවන බව කරුණාවෙන් සලකන්න. අද වනවිට ශ්‍රී ලාංකික සමාජයෙන් විශාල කොටසකගේ වගේම පොලිසියේ විශාල පිරිසකගේද විනය බරපතල පිරිහීමකට පත්ව ඇතිබව අප අවට සිදුවන දෑවලින් පැහැදිලිව පෙනෙන්නට ඇත. වගකිව යුත්තන් නෑසූ කන් ඇතිව බලාසිටිම කණගාටුදායකයි. මෙයට වහාම පිළියම නොයොදයි නම් අප සමාජය තව තවත් පිරිහෙනු ඇත... පොලිස් නිලධාරීන් සිදුකරන වැරැදි සම්බන්ධයෙන් කෂණිකව ක්‍රියාත්මක වන බලගතු යාන්ත්‍රණයක් සකසා ගෞරවනීය පොලිස් සේවාවක් ඇතිකිරීම බලධාරීන්ට බාරයි. දැන් දැන් පොලිස් නිලධාරීන්ගෙන් සැලකිය යුතු ගණනක් අවිනීතව හැසිරෙමින් මහජනතාවගේ පිළිකුලට ලක්වෙමින් සිටිති. පොලිස් නිලධාරීන්ට බලපා ඇති ගැටළු වලටද වහාම ඵලදායි විසඳුම් ලබාදී ඔවුන්ට තෘප්තිමත්ව සේවය කිරීමට අවශ්‍ය පරිසරය ඇතිකළ යුතුයි...

:       0       3

Bunny Preena Friday, 15 September 2023 10:10 AM

මට කොට්ටෝරුවගේ කතාව මතක් වුණා... ආයෙත් ජීවිතේට එවැනි දේකට පෙළඹෙන එකක් නැහැ...

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site