
(ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ, ඉහල කොත්මලා ජලාශයේ පාවෙමින් තිබු තරුණයෙකුගේ මළසිරුරක් අද (14) සොයා ගත් බව තලවකැලේ පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ තලවකැලේ වත්තේ පදිංචිව සිටි බී. මධුෂන් (21) නැමැති අයෙකුගේ බවට ඥාතීන් විසින් හදුනාගෙන තිබේ.
මෙම තරුණයා නිවසින් අතුරුදහන්ව ඇති බවට මීට දින කීපයකට පෙර පැමිණිල්ලක්ද ලැබී තිබු බව තලවකැලේ පොලීසිය පවසයි.
ජලාශයෙන් ගොඩ ගත් සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට පොලීසිය පියවර ගෙන තිබිණි.
තලවකැලේ පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනු ලබයි.
2025 දෙසැම්බර් මස 18
613
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1096
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තරුණයකුගේ සිරුරක් ඉහළ කොත්මලා ජලාශයේ