
(යොහාන් භාසුර)
මෙරට සංස්කෘතිය සහ ආගම දහම ආරක්ෂා කිරීමේ වගකීමක් තරුණ දේශපාලනඥයකු ලෙස තමන්ට තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලබාගැනීමට මහනුවරට පැමිණියේ එම නිසා යැයි නාමල් රාජපක්ෂ මහතා අද (17) පැවසීය.
අප පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අනුගමනය කළ ආගම දහමට සංස්කෘතියට මුල් තැන දීමේ ක්‍රියාපිළිවෙල තවදුරටත් අනුගමනය කරන බව කී නාමල් රාජපක්ෂ මහතා ඇතමුන් එය දේශපාලනීකරණයක් ලෙස හැඳින්විය හැකි බවද සඳහන් කළේය.
නාමල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෝ අද (17) මහනුවර දළදා මාළිගාව මැදපුදා ගත්හ.
දළදා මාළිගාව වැද පුදා ගැනීමෙන් පසුව නාමල් රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත එසේ පැවසීය.
නාමල් රාජපක්ෂ මහතා ඉන්පසුව මල්වතු මහා නායක ස්වාමීන්වහන්සේ, දිවුල් කුඹුරේ නායක ස්වාමීන්වහන්සේ, නියංගොඩ අනුනායක ස්වාමීන්වහන්සේ සහ අස්ගිරි මහනායක හිමියෝ මෙන්ම අනුනාහිමිවරු බැහැදැකීමට එම විහාරස්ථාන වෙත ගියේය.
ඉන්පසුව ශාන්ත අන්තෝනි දේවස්ථානයට පැමිණ ආශීර්වාද ලබාගත් නාමල් රාජපක්ෂ මහතා කටුකැලේ හින්දු කොවිලට පැමිණීම ආශීර්වාද ලබාගත්තේය.
රාජපක්ෂ මහතා ඇතුළු පිරිස කටුකැලේ ජුම්මා මුස්ලිම් පල්ලියට පැමිණ එහිදී ද ආශීර්වාද ලබා ගත්තේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගම, දහමට, සංස්කෘතියට කෙසේවෙතත් හොරකම්, වන්චා, දූෂණ, බොරු පොරොන්දු කපටි කෛරාටිකකම් වලට නම් මුල් තැන දෙයි. ඒවා ජානවලින්ම එන දේවල්...?
ආගම ආරක්ෂා කරනවා කියලා අමුතුවෙන් දෙයක් කරන්න එපා. ඒ අදහන ආගමේ මූලික සිද්ධාන්තයන් පිළිපදින්න ඒ ඇති. එතකොට විරුද්ධවාදීන් ඝාතනය කරන්න ඕනෑ කියලා හිතෙන්නේ නැතිවෙයි. ආගම් වාදය, ජාතිවාදය පතුරුවන්නේත් ඔහෙලාමයි, පස්සේ ඒවාට විසඳුම් ගේනවා කියන්නේත් ඔහේලාමයි. අනේ මන්දා මඤ්ඤං වගේ....!
නාමල්, දැං කොහෙන්ද අපි මේකට හිනාවෙන්න ඕනෑ...?
නුවර වැව රවුමේ රේස් පදිමු...!
පුතේ ඔයා තාත්තා ජනාධිපති කාලේ ශ්‍රී දළදා මාළිගාව ඉස්සරහ කාර් රේස් පැද්දානේ... ජනාධිපති වෙලා ඇවිත් ශ්‍රී දළදා මාළිගාව ඩෝසර් කරන්න...
ආගම ධර්මය හරියට දන්න අය නම් සුනාමියෙන් අවතැන් වූ අසරණයින්ට ලැබුණු පවුම් මිලියන ගානක ආධාරත් ගසා කයිද? ජනතාවගේ ඡන්දෙන් බලයට ඇවිත් අන්තිමට ජනතාව මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු ගුණමකුවන්...!
ශ්‍රී දළදා මාළිගය ඉදිරිපිට රේස් පැදපු කාලයේ ආගම දහමට මුල්තැන දීලා බලය ගන්න වෙනවා කියලා හිතුවේ නැහැ නේද? බෞද්ධයින්ගේ මුදුන් මලකඩක්වූ ශ්‍රී දළදා වහන්සේට අපහාස කරන්න පුළුවන් වූ ඔබ කිසිදාක ජනාධිපති තනතුර සඳහා නුසුදුස්සෙක් බව ඔප්පු කර අවසන් කියලා කියන්න පුළුවන්...
තාත්තා කළ දේ පුතා නොකලොත් ඌ නොට්ටිගේ පුතා කියනවානේ. ඉතින් පුතත් තාත්තා කරපු දේම තමයි කරන්නේ. තාත්තාගේ අඩි පාරේම තමයි යන්නේ.
ආගම දහම රකින්න වෙන්න ඇති දළදා මාලිගාව ඉස්සරහ තාත්තා රජ කරපු කාලේ කාර් රේස් පැද්දේ. රාජපක්ෂගේ රජ කාලේ දැන් ඉවරයි... දැන් තියෙන්නේ මහජන ආණ්ඩුවක් උදාවෙන කාලයයි...
මාලිගාව වටේ කාර් රේස් යන්න පාරවල් ටිකත් බලාගෙනම ගියා නම්, දිනුවොත් ඒවා සැලසුම් කරන්නත් ලේසි වෙයි...!
ජය අනියත බව චෑන් දැන් ඉදිරිපත් වීම බොරුවකි...!
පොඩ් මයිනා බෙනෙං ඵලියට කොටන්න ඇවිත්
පලමුව ජාතික ධනය කොල්ලකෑම නවත්තන්න. ආගමට වඩා ඒක වැදගත්.....
අපරාදේ. නාමල් බේබිට පටන් ගන්න තිබුනේ කැළණියෙන්.ඇයි කියන විදිහට, උපන් දා සිට කරපු පව් නැත වරක් වැන් දොත් කැළණියේ කියලා කියනවානේ. අනේද කියන්නේ. බණ්ඩා
මෙයා විතරක් නෙමෙයි ගොඩක් අයගේ දේශපාලන අනාගතය රැඳිලා තියෙන්නේ රනිල්ගේ ගොඩ යාම මත. ඇත්ත කතාව එකයි. මේ පාර වත් වරද්දගන්න එපා මිනිසුනේ. පල් හොරු ටික අතුගාල දියවන්නාව පිරිසිදු කරගන්න හොඳ අවස්තාවක් සැප්තැම්බර් 21
ඒ වගේම දළඳා මාලිගාව වටේ මෝටර් රථ ධාවන තරංග තියන්නත් වගකීමක් තියනවා
අප්පා කරපු දේ නොකලොත් ඌ නොට්ටිගේ පුතාලු .මෙයාට රට භාර දුන්නොත් ඉතිරි ටිකත් විකුණයි
එතකොට බාප්පා වගේ වැඩ එහෙම කරන්න දන්නවද ?ආගම් වාදය අවුස්සන්න එහෙම
වටේ ඉන්න උපදේශකලගෙන් පරෙස්සම් උනොත් හොඳයි. ගොටභයට කෙළවුණේ බුද්ධි බලකායේ උපදෙස් පිළිපැදපු නිසයි.... ගොඩක් අයට වෙන දෙයක් තමයි " මොළේ තියෙනකොට බලේ නෑ, බලේ තියෙනකොට මොළේ නෑ. " රටට, ආගමට, සංස්කෘතියට, ජාතියට මුල් තැන දීම ගැන සතුටුයි. මහින්දත් ඒක කලා. හැබැයි ඔබ දිනන එකනම් ෂුවර් නෑ...
ආගම දහම ආරාක්ෂා කිරීම කෙසේ වෙතත් හොරකම් වන්චා දූෂණ නාස්තිය බොරුව රැවටිලි කපටි කයිරාටික කම් ,හොර පෙරකදෝරුවා හරියටම කරයි.ඒවා පවුලේ ජානවලින් ම එන දේවල්?
මම ජනාධිපති උනාම දලදා මාලිගාව වටේ රේසින් කාර් වලින් මුර සේවයක් දානව අපේ හාංදුරුවනේ.....!