(ඩී.ජී.සුගතපාල)
තරුණියක් පැහැරගෙන යාමට තැත්කළ යුද හමුදා සෙබලුන් දෙදෙනෙකු අද (10) හික්කඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සෙබලුන් දෙදෙනා බූස්ස සහ පනාගොඩ කඳවුරුවල සේවය කරන අය බවට හඳුනාගෙන ඇත.
ඊයේ (09) සවස තරුණිය පෙම්වතා සමඟ අකුරල මුහුදු වෙරළේ සිටියදී එම ස්ථානයට ගොස් ඇති සැකකරුවන් දෙදෙනා පෙම්වතා බියකොට ඉවතට යවා තරුණියගේ ජංගම දුරකතන අංකය ඉල්ලාගෙන ඔවුන් සමඟ එන ලෙස පවසා පිටව ගොස් තිබේ.
අද එම තරුණියට පැමිණෙන ලෙස සැකකරුවන් දුරකතනයෙන් දැනුම් දීමෙන් පසු ඇය ඒ බව මවට පවසා පොලිසියට පැමිණිලි කර ඇත.
පොලිසියේ උපදෙස් මත ඇය දුරකතන පණිවිඩයක් දීමෙන් පසු ඔවුන් පැමිණ ඇති අතර කුමාරකන්ද මාර්ග බාධකයේදී පොලිසිය විසින් මෙම සෙබලුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා හෙට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වර්ගයේ අයට "රණවිරු ලේබල්" ගහන මොලේ අමාරු කාරයන්ට මානසික රෝහලේදී අවුරුදු 15ක්වත් ප්‍රතිකාර කළයුතුයි. ඒ වගේමයි මත කාලයේදී අපේ රටේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම්වලදී අවංකම රණවිරුවන් සිය සේවය නොපිරිහෙලා ඉටුකිරීම පිළිබඳව මගේ අවංක ප්‍රණාමය ඔවුන් සැමටම...
මෙන්න රණවිරුවෝ හිරේ දානවෝ... කියලා කියන එක කෙතරම් සාධාරණද? මේ වගේ සිද්ධි ගොඩක් තියෙනවා ඇති. ඒත් අපේ ගොඩක් රණවිරුවන් එසේ නොවෙයි...
ඒකනේ, අපිලා කඩු තියන් ඉන්නේ..
නිකං වරදවා තේරුම් ගන්න එපා. ඒ වීරයන් දෙන්නා හැදුවේ තරුණියට ආරක්ෂාව සලසන්නයි. ඇත්ත වශයෙන් ඔවුන්ට සම්මානයක් ලබාදිය යුතුයි..!!
රණවිරුවා - ජඩ දේශපාලන හැඳින්වීමක්. වචනයම අහලා දැන් පිළිකුල්. වෙන වචනයක් හොයාගනිමු. හැම හමුදා භටයම මේ ගොඩට දමන්න එපා. ඔවුන් හොඳ නම්බුකාර පිරිසක්. පරණ විදියට හමුදා සෙබලා කියලා හඳුන්වනවා නම් වඩා නම්බුකාර බව මට හිතෙනවා.
රටේ පවතින දුෂණ භීෂණ වලට ඍජුවම හෝ වක්‍රව දායකත්වයක් දරන්නේ මේවගේ දෙකයි පනහේ වැඩ කරන අවස්ථාවාදී දේශද්‍රෝහී සුළු කොටසක්. මොවුන්ව උල තියලා මරන්න ඕනේ.. නිකැළැල් රණවිරු ලේබලයට නිග්‍රහ කරනවට...
ඇයි මේ සිංහල සෙබලුන් නේද?
විජිත, ඔයාගේ අදහසට විරුද්ධව අදහස් දමන කෙනෙකුගේ සහෝදරියක් අතවරයට ලක් වුනොත් මොකද වෙන්නේ?
අම්මෝ...!!! දැන් අර චැනල් එකෙන් දායි රණවිරුවෝ සිරකරුවෝ කියලා...!!!