
( සුමිත් පොතුපිටිය)
අලුත්ගම සිට පොල්ගහවෙල බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියේ ගැටී තරුණියක මියගොස් ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
අනතුරෙන් මියගොස් ඇත්තේ පයාගල ,ගල්ලනමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටී වාහල තන්ත්‍රිගේ දෝන ඉෂිනි සිතාරා නමැති 23 හැවිරිදි තරුණියක බව පොලිසිය කීය.
කළුතර වේලාපුර විද්‍යාලය පිටුපස ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේදී දුම්රියේ ගැටී ඇති බවත් , ටික වේලාවකට පෙර ඇය දුම්රිය මාර්ගය ආසන්නයේ රැදී සිටිමින් දුරකථන ඇමතුමක් ලබාගෙන ඇති බවත් සදහන් වේ.
මෘතදේහය කළුතර දකුණ දුම්රිය ස්ථානයට රැගෙන විත් තිබූ අතර , හදිසි මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබුණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd