
(කේ බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය සහ කොට්ටාව අතුරු මාර්ගයක පාලමේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයට පැනීම නිසා ධාවනය වෙමින් තිබූ වාහනය ගැටුණු තරුණයකු බරපතල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි.
මෙම තරුණයා සිය දිවි නසා ගැනීමට මෙලෙස අධිවේගී මාර්ගයට පැන්නාද නැතහොත් වෙනත් පාර්ශවයක් විසින් පාලම මත සිට එම තරුණයා අධිවේගී මාර්ගයට තල්ලු කා ද යන්න පරීක්ෂණයක් ආරම්භ කළ බවද පොලිසිය පවසයි.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අතුරුගිරිය වල්ගම සුව මාවත සිසිලස උද්‍යානයේ පදිංචිකරුවකු වන 24 හැවිරිදි තරුණයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය වැඩි දුරටත් පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තරුණයෙක් ගුවන් පාලමකින් අධිවේගී මාර්ගයට පැනලා
ගැමුණු Saturday, 25 May 2024 06:42 AM
තරුණ පිරිස් දැන් මානසිකව අන්ත අසරණ වෙලා, මානසිකව පිරිහිලා අන්තයටම. මේවාට පිළියම් යොදනවා තියා හිතන්නවත් කෙනෙක් නෑ.
osthar Sunday, 26 May 2024 08:12 AM
මේක රාජපක්ෂ වැඩක් වෙන්න බැරිද?
රටවැසියෙක් Sunday, 26 May 2024 11:33 PM
තරුණයෝ අසරණ වෙලා. ස්මාර්ට් පෝන්, ෆේස්බුක්වල ලැගල, ලැගල මුන්ගේ මනස විකෘති වෙලා. අන්තර්ජාලයේ අනාරමන් වෙලා. ආත්ම ශක්තිය බින්දුවට බැහැලා. පෞරුෂය වර්ධනයට අධ්‍යාපනයෙන් කිසිම පිහිටක් නෑ. විභාග නම් ඉහලින් පාස්.මනුස්සයෙක් විදියට ජීවත් වෙන්න, පොඩි ප්‍රශ්නයකට මුහුණ දෙන්න, ඉවසීම, වඩිහිටියන්ට, ගුරුවරුන්ට ගරු කරන්න මේවා මොකුත් දැන් 5G පරම්පරාවේ නෑ. ඒවා එහෙමද කියලවත් හොයන්න කෙනෙක් නෑ. පාසල් ළමයා පවා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවෙලා. දෙමව්පියෝ අසරණ වෙලා. ආර්ථිකය එහෙන් බැට දෙනවා. පාලකයෝ බලයට පොරකනවා. ඉතින් ඔහොමයි මේ රට දුවන්නේ. රටට, ජාතියට, ජනතාවට හිතැති රජයක් මේ සැරේවත් පත් කරගත්තොත් හොඳයි. නැත්නම් ඉතිං කබලෙන් ලිපට.