
(රන්ජන් කටුගම්පොළ)
සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වයෙන් තමන් නෙරපීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම පවත්වාගෙන යනවාද? ඉල්ලා අස්කර ගන්නවාද? යන්න තීරණය කිරීමට හිටපු රාජ්‍යඇමැතිනි ඩයනා ගමගේ මහත්මියට ජුලි 07 වැනිදා තෙක් ශ්‍රේෂ්ඨාධිකරණ ඊයේ (28) කල් ලබා දුන්නේය.
මෙම පෙත්සම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට තම සේවාදායකයාට කල් දෙන්නැයි ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා කළ ඉල්ලීමක් පිළිගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණ එලෙස කල් ලබා දුන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ගාමිණී අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලිණි.
සමගි ජන බලවේගයේ පක්ෂයේ සාමාජිකත්වයෙන් තමන් නෙරපීම වළකාලන නියෝගය නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු රාජ්‍යඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සුද? නඩුව අස්කරගත්තොත් එදාට විසා නතුව ආපසු යන්න වෙනව. නඩුව ඇදි ඇදි ගියොත් නඩුව ඉවර වෙනකල් මෙහෙ ඉන්න පුලුවනි.
සජිත් පෙත්සම අස්කරගෙන එතුමිය නැවතත් පක්ෂයට එක් කර ගනීවි
මේ රටේ ඉන්න සුරතල්ම ෆොරිනර් තමයි ඩයනා. හැමෝම ඒකිට පදිරි ිවෙනවා.
මේ තීරණ ලෝකයේ තියෙන, ගන්න අරමුණ ඒවා වෙන්න ඇති.. ඒකනේ ජූලි 07 වෙනකන් කල් දීලා තියෙන්නේ. මේවා තමයි නියම විහිළු...