(ඩී.ඒ.පතිරණ)
රොටුඹ ප්‍රදේශයේ නිවෙසක සිටි උපාධිධාරී තරුණියක පැහැරගෙන යාමට ආ බව කියන රත්නපුර ප්‍රදේශයේ තිදරු පියකු පහර කෑමට ලක්ව මියගොස් ඇතැයි රොටුඹ පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ සුදත් ප්‍රසන්න නමැති 39 හැවිරිදි පුද්ගලයෙකි.
මරණ කරු හා උපාධිධාරිනිය අතර හිතවත්කමක් පවත්වාගෙන ගොස් ඇති අත එම හිතවත්කම් මත මෙසේ ඇය එක්කරගෙන යාමට පැමිණ ඇතැයි පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් උපාධිධාරිනියගේ පියා සහ සහෝදරයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිදරු පියෙකු තරුණියක් පැහැර ගැනීමට ගොස් තරුණියගේ පියාගෙන් හා සොහොයුරා ගෙන් ගුටිකා මියගොස් කියලා පේනවා ඇත්තටම... රත්නපුර සිට පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රොටුඹ කියන්නේ ගොඩක් දුරින් තියෙන ප්‍රදේශයක් තමයි... දැන් තරුණිය පාවා ගැනීමට හෝ වෙනත් දූෂිත වැඩක් කරන්න ගිය මිනිහගේ දරුවො තිදෙනා හා බිරිඳ අසරණ වෙලා එහෙම තියෙද්දී තමන්ගේ දියණිය/සහෝදරිය රැකගැනීමට ගොස් දෙදෙනෙක් කූඩුවේ... අනේ ඉතින් කවදා රටේ හොඳක් සිදුවේද?
රොටුඹ කෙල්ල හිතෙනවා ඇති රත්නපුර කියන්නෙ පයට පෑගෙන්න මැණික් තියෙනවා කියා . නැත්නම් දරුවො තිදෙනෙක් සිටින පියෙක් සමග එන්න හිතාවිද .රත්නපුර ඉන්නෙ හරිම මෝඩයෝ කියලා කවුරුත් දන්නෙ .මම කතාවක් කියන්නම්. මම කාලයක් රත්නපුර බෝඩිමක හිටියා .එහි ඇනෙක්සියක මැණික් බිස්නස් කරනවා කියපු කෙනෙකුත් ඔහුගේ බිරිඳ හිටියා. මේ පුද්ගලයා උදේ පාන්දර නාන්න යනවා .තෙත් ඇදුම් ඇදගෙන දස දිසාවටම වදිනවා හරියට සිගාලක සිටුපුතා වගේමයි .අන්තිමට ඇදුම් ඇදගෙන තේ කෝප්පය බීලා (වීදියට) යනවා කියලා ඔරලෝසු කණුව ළගට නැත්නම් අඹගහ යටට යනවා .ඕක තමයි රක්ෂාව .ඔහොම පිරිමි ගොඩක් ඉන්නවා .ඒක ඇත්තද කියලා රත්නපුර ආපු වෙලාවකම බලන්නකෝ
තරුණිය මොනවද කියන්නේ..? ගින්නක් නැතිව දුමක් නගින්නේ නැහැ. තරුණිය පැහැර ගෙන යන්න තනියෙන්ද දන්නේ නැහැ ඇවිත් තියෙන්නේ...?