
ඉන්දීය පාර්ලිමේන්තුව (ලොක්සභාව) රැස් වූ අවස්ථාවේදී, සභාගර්භයට දුම් බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. දුම් බෝම්බ ප්‍රහාරය එල්ල කළේ නරඹන්නන්ගේ ගැලරියේ සිටි තරුණයන් දෙදෙනකු හිටිහැටියේ සභාගර්භයට කඩා වැදීමෙනි.
තරුණයන් දෙදෙනා වට කර ගනිමින් අල්ලා ගෙන, ඔවුන් ආරක්ෂක අංශ නිලධාරීන්ටත්, පසුව දිල්ලි පොලිසියටත් භාරදීමට කටයුතු කළේ මැති ඇමැතිවරුන් එක් වෙමිනි.
ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි ද එම අවස්ථාවේදී සභාගර්භයේ සිටි බව පැවැසෙයි.
සභාගර්භයට එල්ල වුණු දුම් බෝම්බ ප්‍රහාරය ලොක් සභාවේ ආරක්ෂාවට එල්ල වුණු බරපතල තර්ජනයක් ලෙස සැලකෙයි.
ලොක් සභාවේ නරඹන්නන්ගේ ගැලරියට පැමිණෙද්දී, ස්ථාන පහකදී ආරක්ෂක නිලධාරීන් විසින් සෝදිසි කෙරේ. තරුණයන් දෙදෙනා ආරක්ෂක අංශ නිලධාරීන්ට හොරොන් දුම් බෝම්බ සඟවාගෙන ආවේ කෙසේදැයි යන්නත් ගැටලුවක් වී ඇත.
දුම් බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවත්, දිල්ලි පොලිසියේ සහාය ඒ සඤඑා ලබා ගන්නා බවත් පාර්ලිමේන්තු කතා නායත ඕම් බ්‍රිලා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසුවේය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාගත වෑයමක අත්හදා බැලීමක් විය හැකියි.අපේ පාර්ලිමේන්තුවත් මෙයට අවධානය යොමුකල යුතුමයි
ඔක එතරම් දෙයක් නෙමෙයි. පිටින් ආපු කොල්ලො දෙන්නෙක්නෙ යකා නටල තියෙන්නෙ? අපේ පාර්ලිමෙන්තුවෙ මන්ත්‍රිල ඇමතිලත් යකා නටන්නෙ?
අපේ රටේ මේ වගේ සුන්දර දෙයක් සිදුවෙන්නේ කවදාද ? කියා රටේ බහුතරයක් මහජනතාව නොඉවසිල්ලෙන් බලා සිටින බව කවුද නොදන්නේ.හැබැයි...ඉන්දියාවේ වගේ " දුම් බෝම්බ " වලින් නොවෙයි. 225ක්වූ පව්කාරයින් සියලුදෙනාමත් උන්ගේ මහා එකාවත් දැවී අලුකරලා දාන්න හැකි " ලොකු ගිනි බෝම්බයක් " දමන්න පුළුවන් ජාතිමාමක ශ්‍රී ලාංකිකයෙක් හෝ දෙතුන් දෙනෙක් ඉතාම මෑත අනාගතයේ ...සුන්දර දවසකදී ... දියවන්නාවේ ඌරු මාලිගාවේදී මේ ගිනිදෙවියන් පුදන යාගයට සහභාගීවෙයි කියා බලා සිටිමි .
ජෙප්පොත් ඔය වැඩේ අපේ පාර්ලිමේන්තුවතුල ඕක කලා. එකෙන් තමයි ඇතුලත් මුදලිට මැදපු කමිස තුන නැති උනේ.