IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


තරුණ ව්‍යවසායකයන් සවිබලගන්වමින් SPARK 2023 අවසන්වේ

ශ්‍රී ලංකාවේ නව පරපුරේ ව්‍යවසායකයන් සවිබලගැන්වීමේ අරමුණින් සංවිධානය කරන ලද ''SPARK 2023'' තරගාවලියේ අවසන් මහා තරගය පසුගියදා පවත්වන ලදී.

ලෝක ව්‍යවසායකත්ව දිනයට සමගාමීව පවත්වන ලද මෙම වැඩසටහනේ දී ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින වයස අවුරුදු 15-24ත් අතර නව දැනුම හා ආකල්පවලින් සන්නද්ධ වූ නවෝත්පාදකයන්, ගැටලු‍ විසඳන්නන් මෙන්ම චින්තකයන් සිය අදහස් සහ නිර්මාණ ප්‍රදර්ශනය කරමින් අවසන් මහ තරගයේ දී SPARK 2023 සම්මානය වෙනුවෙන් තරග වැදුණි.

මෙහිදී SPARK 2023 තරගාවලියේ ජයග්‍රාහිකාව වශයෙන් මිහින්දි මිනුපමා බණ්ඩාර තේරී පත් වූ අතර, සිය ජයග්‍රහණය පිළිබඳව ඇය මෙසේ අදහස් පළකළාය. SPARK තරගය ජයග්‍රහණය කිරීමට හැකිවීම පිළිබඳව මම බෙහෙවින් සතුටට පත්වෙනවා. විශේෂයෙන්ම අපි වැනි තරුණ ව්‍යවසායකයන් වෙනුවෙන් මෙබඳු අවස්ථාවක් සංවිධානය කිරීම පිළිබඳව මම මගේ ගෞරවනීය ස්තුතිය පුදකරනවා. අප සතුව පවතින නව අදහස් බෙදාගැනීමට හැකිවීම, මඟපෙන්වීම වගේම අපගේ දැනුම හා කුසලතා වර්ධනය කරගැනීමට ලැබුණු මහඟු‍ අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකියි. මෙවැනි වැඩසටහනක් සංවිධානය කරමින් අපව ඉදිරියට ගෙන එමට කටයුතු කළ සියලු‍දෙනාට ස්තුතියි පුදකරන අතර, ඉදිරි අනාගතයේදීත් මෙබඳු වැඩසටහන් සංවිධානය කිරීමට හැකිවේවා යැයි ප්‍රාර්ථනා කරනවා.”‍

දිවයින පුරා සිටින තරගකරුවන්ගේ  400කට අධික අයදුම්පත් ප්‍රමාණයක් අතරින් තෝරාගත් අවසන් අයදුම්කරුවන් 05 දෙනා සිය නවෝත්පාදන ව්‍යාපාරික අදහස් විද්වත් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ  ප්‍රදර්ශනය කරන ලදී.

මෙරට ක්‍රියාත්මක පරිසර හිතකාමී හා තිරසර සමාගම් කිහිපයක් සමඟ අත්වැල් බැඳගනිමින් ක්‍රියාත්මක කරන ලද SPARK තරගාවලියේ සුවිශේෂිත්වය වනුයේ එය මෙරට තාරුණ්‍ය ඉලක්ක කරගනිමින් සංවිධානය විමයි. එසේම මෙම තරගාවලිය වෙනුවෙන් සහභාගී වූ තරගකරුවන් තුළ ව්‍යවසායකත්ව මානසිකත්වය පෝෂණය කිරීම හා ඔවුන් නඟාසිටුවීම ප්‍රධාන අරමුණ විය. තරගාවලියෙහි පළමු වටයේ දී තෝරාගත් තරගකරුවන් 100 ක් පමණ ඇතුළත්ව විවිධ පුහුණු වැඩසටහන් පවත්වන ලද අතර, අවසන් තරගකරුවන් 35ක් සඳහා දින දෙකක් පුරාවට නේවාසික අධ්‍යාපනික කඳවුරක් ද සංවිධානය කරන ලදී.

595



අදහස් (0)

තරුණ ව්‍යවසායකයන් සවිබලගන්වමින් SPARK 2023 අවසන්වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site