(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුව ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී ආයතන කෙරෙහි දැන උගත් තරුණ පරම්පරාවේ විශ්වාසය බොහෝ දුරට භංග වී ඇතැයි සමගි ජන බලවේගයේ පත් කළ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් මහතා පාර්ලිමේන්තුවේ දී අද (6)පැවසීය.
මැතිවරණ නාම යෝජනා වලින් 25% ක් තරුණ තරුණියන් වෙනුවෙන් ලබාදීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ බාකිර් මාකාර් මහතා අනාගතය පිළිබඳ තීන්දු ගන්නා තැන්වල තරුණයන් ගේ හඬට අවකාශයක් නැත්නම් නැවත වරක් රට භයානක තත්වයකට යා හැකි බව පැවසීය.
පාර්ලිමේන්තුව, පළාත් සභාව සහ පළාත් පාලන ආයතන වලට සාධාරණ තරුණ නියෝජනයක් තිබිය යුතුය යන ඉල්ලීම කරන බවද පාර්ලිමේන්තුවේ ඉන්න හැම දේශපාලන ව්‍යාපාරයකම නායකයින්ගෙනුත් මෙි ඉල්ලීම කරන බවද බාකීර් මාකර් මහතා පැවසීය.
දේශපාලන පක්ෂ ඇතුළෙත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඇති විය යුතු අතර එසේ නොවුනොත් ධනපති සමාගම්වල ප්‍රභූ පවුල්වල ඒකාධිකාරයක් බවට දේශපාලන පක්ෂ පත් වන බවද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ හොඳ දේශපාලකයෙක්.. නමුත් ඉන්න තැන අවුල්.
මොන පැත්තේ හිටියත් ඉමිතියාස් බාකීර් මාකර් මහතා වැනි විද්වතුන් අගය කළ යුතුයි.
බයියන්ට මොනව කියලත් වැඩක් නැහැ..රට මෙචර වෙලත් ඝෝට ඔනෙ කියන අය තවත් ඉන්නවනෙ
ඈ හලෝ තරුණ ප්‍රජාවගේ විශ්වාසය දිනා ගන්න ගිහිල්ල නේද 1971-1989 රටට කෙල උනේ. ඔවුන්ගේ විස්වාසය මොකකක්ද? තරුණ කියන වචනය අර්ථ දක්වන්න නිකන් බොරු සම්ප්‍රපලාප කියවන්නේ නැතුව. තරුණයා කියන්නේ අවුරුදු 15-24 අතර කාලය. ඔය කාලේ මොවුන් ජීවත් වෙන්නේ කාගේ වියදමින්ද කොහේ ලැගලාද? ඔය කාලේ ඔවුන්ගේ යැපීම් සපයන්නේ දෙමව්පියෝ ලගින්නේ දෙමව්පියෝ ගාව. මොවුනට රටක ආණ්ඩු වෙනස් කිරීමට තිබෙන දැනුම කොහෙන්ද? එහෙම වෙනස් කරන්න ගිය 65000 හමයි වෙඩි කාල මරුනේ ටයර්සයවල පිච්චිලා මරුනේ? හැබැයි මේ ගොල්ලෝ තර්ස්තවාදී වැඩට හොන්දයි . ඒ නිසානේ ජෙප්පෝ, LTTE එක මෙගොල්ලන්ව ත්‍රස්තවාදී වැඩට බඳවා ගත්තේ. අපිත් ඔය කාලය පහුකලා වයස .22 වෙනකො රජයේ, බැකු ක්ෂේත්‍රයේ, රටේ තිබුන කර්මානත් සහිත බ්‍රිටිෂ්, ඇමරිකන්, ප්‍රංස කොම්පැනිවල වැදගත් රැකියාවල් ලැබුනා. අපිට ඒ අවස්තාව සලසා තිබුනේ රටේ වැඩිහිටියෝ.