(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ සහ පළාත් සභා වල තරුණ නියෝජනය සඳහා තමා ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව දෙවන වර විවාදය සඳහා ගැනීමට අවශ්‍ය කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකාර් මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් ඉදිරිපත් කරමින් සඳහන් කර තිබේ.
පාර්ලිමේන්තු සහ පළාත් සභා මැතිවරණ පනත් ඒ අනුව සංශෝධනයට අමාත්‍යංශය නිර්දේශයන් ලබා දී නොමැති හෙයින් ද ඒ සඳහා ඔවුන්ට ලබාදී ඇති කාල-අවකාශය ජනවාරි 14 දින අවසාන වීමට නියමිත හෙයින් ද ජනවාරි 14 දිනට පසු දිනක අදාළ විවාදය පවත්වන ලෙස ද බාකීර් මාකාර් මහතා ඉල්ලා සිටී.
පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතනයන්හි 25% ක තරුණ නියෝජනය ලබා දීම සඳහා ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවන්ගෙන් පළාත් පාලන නියෝජනය සඳහා පමණක් අමාත්‍යාංශ නිර්දේශය ඊයේ(5)පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ බවද බාකීර් මාකාර් මහතා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd