(සුජිත් හේවාජුලිගේ )
ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් නොතිබියදීත් ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් ලබාදී ඇති දේශපාලනඥයන්, ඇතුළු විවිධ තරාතිරම්වල ප්‍රභූවරුන් සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කඩිනමින් ඉදිරිපත් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා රාජ්‍ය බුද්ධි සේවයට පසුගිය සතියේදී දැනුම්දී ඇත.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ ටිරාන් අලස් මහතා පැවසුවේ දේශපාලනඥයන් ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයන්ට අනවශ්‍ය ආකාරයට ලබාදී ඇති පොලිස් නිලධාරීන් ළඟදීම ඉවත් කිරීමට කටයුතු කරන බවයි
ආරක්ෂාව පිළිබඳව තර්ජනයක් නොමැති පුද්ගලයන්ට මේ ආකාරයට පොලිස් නිලධාරීන් පන්දහසකට ආසන්න පිරිසක් යොදවා සිටින බවට තොරතුරු ලැබී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
මේ තත්වය හේතුවෙන් පොලිසියේ සාමාන්‍ය රාජකාරී කටයුතු සඳහා පොලිස් නිලධාරීන්ගේ බරපතළ හිඟයක් මතුව ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරා නොකා රටට හරියට වැඩක් කරනවා නම් මොන තර්ජනද?
තර්ජන? අපි දන්නා තරමින් නම් තර්ජන අයිති වන්නේ නොකටයුතුකම් කරන උදවියට මිස තම යුතුකම් කොටස මැනවින් කරන අයට නොවේ. පැරැණි දේශපාලකයින්ට කිසිදවසක මහජන තර්ජන තිබුණේ නැත. ඇමැතිවරු, අගමැතිවරු තම මෝටර් රථය තනිවම ධාවනය කළ බවට ඇතිතරම් සාක්කි සොයාගත හැකිය.
අනේ පව්, තව ටික දවසේනේ? ඔය දින කීපයත් හොඳට ආරක්ෂාව දීලා කට්ටියම තියාගන්න...
කාටද මේ ප්‍රභූ කියන්නේ..? හොරුන්ට කියන තවත් නමක්ද?
ආටක, නාටක අලුත්ම කොටස...!
ප්‍රභූන් ? එහෙම කට්ටියක් ලංකාවේ ඉන්නවාද ? නැහැ !!! ඒ නම තමන්ට ආරුඩ කරගත් හොරු, මිනීමරුවෝ , ස්ත්‍රී දුෂකයින්, කොමිස් කාරයින්, පාගා කාරයින්,කප්පන් කාරයින් ...වැනි සමාජ දුෂකයින් කට්ටියක් නම් ඉන්නවා. උන් කරන වැඩ වලට සමාජයෙන් තර්ජන තියෙනවා.කොටින්ම උන්ට පාරේ බැහැලා තනියම යන්න බැහැ ,මිනිස්සු උන්ව සම්බෝල හදන්න බලාගෙන ඉන්නවා.හැබැයි....ජාතික ජනබලවේගයේ රජයක් පත්වුන වහාම ඒ හොර ප්රභූන්ගේ ආරක්ෂාව ඉබේම අහෝසිවෙලා යනවා. වෙන රටකට යන්නත් බැහැ - කිසිම රටක් උන්ව ගන්නේ නැහැ.තව මාස කිහිපයකින් ඒ සුන්දර කාලය ලංකාවට උදාවෙනවා ...!!!
එහෙම කලොත් බොහෝ දෙනෙක් මිනිස්සුන්ගෙන් ගුටි කාලා මැරෙනවා.
මැතිවරණය අවසන් වෙලා ජයග්‍රහණය කලොත් ආරක්ෂක නිලධාරින් අනවශ්‍ය අයට පමණක් නාමයෝජනා දීමට නීතියක් වහාම සැකසීම කළයුතුයි. අපේ ඡන්දය ලබාගෙන ජනතා මුදලින් පවුලේ අයට තනතුරු දෙමින් සියලු පුද්ගලික කාර්යාල හා සේවකයින් යොදාගෙන තියෙනවාට අමතරව ආරක්ෂක නිලධාරින් යෙදවීම ජනතා අවශ්‍යතාව නොවෙයි. එනිසා අත්‍යාවශ්‍යම කීප දෙනෙකුට හැර අනෙකුත් අයගේ කණවැල ඇල්ලීම වගේ දේවල් සඳහා යොදා තියෙන නිලධාරි සම්පූර්ණයෙන්ම ඉවත්කරන්න ඕනෑ... මම උදාහරණයක් කියන්නම්... දවසක් මම අපේ අමාත්‍යාංශයේ සහකාර ලේකම්ලා දෙදෙනෙක් සමග රාජකාරි ගමනක් ගොස් එද්දී අතරමග කොස්තාපල් කෙනෙක් වාහනයට අත දැම්මා මේ මනුස්සයා ගියේ දේශපාලුවෙකුගේ නිවසේ මුර වැඩේට කියලා. කෙනෙකුට දුන්නු ඇමතුම අනුව තේරුණා සාමාන්‍යයෙන් රජයේ මාණ්ඩලික මට්ටමේ නිලධාරි තිදෙනෙක් සිටිද්දී කොස්තාපල් කෙනෙකුට බලය පෙන්නන්න හැකියාව නැහැ. නමුත් රියදුරු බිය නිසා වාහනය නතරකර ගත්තා. ඒත් එයාට වාහනයේ ඉදිරි ආසනයත් අවශ්‍ය බවකුත් පෙන්නුවා... ඉතින් මෙහෙම වැඩකරන අයට ජනතා මුදල් නාස්තිය බලවත් අපරාධයක් නිසා ඇමැතිතුමා ගත් තීරණය අගය කරනවා.