
(රෝෂන් තුෂාර)
එල්.පී.එල් 2024 ක්‍රීඩක වින්දේසියේදී තරග පාවාදීමට ක්‍රීඩකයින්ට යෝජනය කළේ යැයි කියන දඹුල්ල කණ්ඩායමේ හිමිකරු බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි බංගලාදේශ ජාතිකයෙකු තමීල් ලබන 31 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා අද නියෝග කළේය.
ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය මගින් කටුනායක ගුවන් තොටුපළේදී සැකකරු අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
ක්‍රීඩා වැරදී වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය කළ ඉල්ලීමක් අනුව අදාළ ක්‍රීඩකයා රටින් පිටවීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් විදෙස් ගමන් තහනමක් පැනවීමටද ඊයේ රාත්‍රියේ නියෝග කර තිබිණි.
(ඡයාරූප ළහිරු හර්ෂණ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බංගලියෝ එක්ක කොහොමත් ඇරියස් නේ