(පී.ශාන්ත බණ්ඩාර)
රඹුක්කන දුම්රිය ස්ථානයේ නවතා තිබූ ඉන්ධන පිටවු ටැංකියක මගී දුම්රියක් ගැටීමෙන් වූ අනතුරකින් ඩීසල් විශාල ප්‍රමාණයක් අපතේ ගොස් ඇතැයි පොලිසිය කියයි.
රඹුක්කන දුම්රිය ස්ථානයෙන් අද අලුයම 5.30ට කොළඹ බලා පිටත්වීමට නියමිතව තිබූ මගී දුම්රිය දුම්රිය වේදිකාවට රැගෙන එද්දි එහි තිරිංග ක්‍රියාවිරහිත වි නවතා තිබූ ඉන්ධන ටැංකියේ ගැටී ඇතැයි පොලිසිය පවසයි.
මෙම අනතුරින් අසල තිබූ බුද්ධ මන්ධිරයට ද සුළු හානි සිදු තිබේ.
අනතුරත් සමග ඉන්ධන ටැංකියේ තිබූ ඉන්ධන කාන්දු වීමට පටන්ගෙන ඇත. පසුව වෙනත් ඉන්ධන බවුසරයක් ගෙන්වා ඉතිරි ඩීසල් තොගය බේරාගත් බව ද පොලිසයි පවසයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරේ පිටට මරේ කිව්වලු...
හද්ද පරණ එංජින්... විශාල ජීවිත අනතුරක් වෙනකන් කිසිම ගාණක් නැහැ.