
( ටී.කේ.ජී.කපිල)
ගුවන් ගත කිරීමට සූදානමින් තිබූ තුර්කි ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක්, දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළේ දී අනතුරකට පත් වී තිබේ .
මෙය තුර්කි ගුවන් සේවයට අයත් ඒ.- 330 - 300 එයා බස් වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකි .
මෙම ගුවන් යානය තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට භාණ්ඩ තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඉන්පසුව " වික්ටෝරියා සීක්‍රට් ස්ටෝර්ස් " නිෂ්පාදිත , මෙට්‍රික් ටොන් 45 ක් බරැති ඇගලුම් තොගයක් රැගෙන , මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළෙන් තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව යාමට සූදානම් වෙමින් තිබුණි .
ඒ වනවිට කටුනායක ගුවන් තොටුපළ සහ ඒ අවට ප්‍රදේශයේ පැවති දැඩි සුළං තත්වය නිසා , මෙම ගුවන් යානයට පැටවීම සදහා රැගෙන විත් තිබූ බහාලුමක්, ශ්‍රී ලන්කන් ගුවන් සේවා ගුවන් අංගන මෙහෙයුම් ක්‍රියාකරුවන් විසින් නිසි පරිදි තිරිංග නොයොදා , අදාළ ගුවන් යානය අසළ නවතා තැබීමෙන් පසුව , එම බහාලුම ගුවන් යානය දෙසට ගසා ගෙන ගොස් එහි ඇංජිමක ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබේ .
එනිසා මෙම ගුවන් යානය මෙසේ අනතුරෙන් හානියට පත් වූ ඇංජිම යථා තත්වයට පත් කර ගැනීමට හෝ කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යාමට අවශ්‍ය පියවර තුර්කි ගුවන් සේවා බලධාරීන් විසින් මේ වනතෙක් ගෙන නොමැත .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොසැලකිලිමත් ලෙස සිය සේවාව කළ සියලු දෙනාටම දැඩි දඬුවම් දිය යුතුයි. ආයෙත් මෙවැනි දේවල් සිදු නොවන්න නම්...
දැන් ඒකටත් ගෙවපන්කෝ අලාබ...
මේව ඔක්කොම හිතා මතා කරන වැඩ ජෙප්පො සහ පෙරෙට්ටො ගෙ. දැන් හුගක් ආයතන වල ලොක්කො ඉන්නෙ ජයවර්ධනපුර අවුට් වුන ජෙප්පොයි පෙරෙට්ටොයි. ඔවුන් යටින් ගෙම දෙනව. තියන කුමන අන්ඩුවක් වුනත් මෙව බාගන්න ඔනෙ. කොහොමටත් ඔවුන් 87-88-89 ගමෙ එකට තමයි යන්න ලැහැස්ත්තිය. ආයෙත් අපරාදෙ යුනිවසිටි කොල්ලො කෙල්ලො ටිකකුයි ගමෙ අහින්සක කොල්ලො කෙල්ලො ටිකකුයි නැතිවෙන එක තමයි වෙන්නෙ මෙදාපාර මහා පරිමානයෙන්.
තුර්කි නෙමේ බන් දැන එක තුර්කියේ.....
මෙවැනි ස්ථානයක සුළු වැරැද්දක්වත් සිදුවීම සුළුවෙන් තකන්න බෑ.
ඉක්මන් කරලා හදලා එවන්න. නැතිනම් ඒ රටත් තරහා කරගන්න වෙයි.