(ඉන්දිකා රාමනායක)
ගාලුමුවදොර අරගලයේ ආරම්භයේ සිටම අරගලකරුවන්ට කොළඹ තරු හෝටලයකින් දිනපතා ආහාර ලබා දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් ආරම්භ කළ බව පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.
හෝටලයෙන් අරගලකරුවන්ට දිනකට ආහාර පාර්සල් 500- 600 ලැබී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය පවසයි.
ආහාර පාර්සල් අරගලය ආරම්භයේ සිට මෑතක් වන තුරු ලබාදී ඇති බව තියති.
මෙම ආහාර පාර්සල් නොමිලේ ලබා දුන්නේ ද , නැතහොත් කිසියම් සංවිධානයක් විසින් ඇනවුම් කර මේවා ලබා දුන්නේද යන්න හෙළිකර ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.
පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටි අරගල කරුවෙකුගෙන් ප්‍රශ්න කිරීමකදි මේ බව හෙළි කරගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද රාජපක්ෂ අරලිය ගහ මන්දිරයට නොයෙකුත් අය ඡන්දෙ කාලේ ගෙන්වලා කන්න බොන්න දුන්නා. එතකොට එතුමා කිව්වේ මේක අපේ පුරුද්ද... කෙනෙකුට කන්න බොන්න දෙනඑක අපි හැමදාම කළා. මෙතන කන්න දුන්නු එක කොහොමද වැරැදි වෙන්නේ...?
ඉතිං කෑම දෙන එක තහනම්ද ? මොන විහිළුද මේවා. බැංකු කපු හොරු අල්ලන්නේ නෑ. පාස්කු බෝම්බ කාරයෝ අල්ලන්නේ නෑ. වතුර බෝතලේ දීපු එකා කෑම එක දීපු එකා හොයනවා.
why government did not investigate to find out who provide foods and arracks to the thugs who attacked innocent people at Gota Go Gama and Mina Go Gama on May 9th 2022.
POLICE DON'T HAVE ANY OTHER WORK TO DO. GIVING FOOD FROM A HOTEL IS NOT A ILLEGAL ACTIVITY. THEY CAN PROVIDE MEALS TO ANYBODY IF THE PAYMENT IS RECEIVED. SHAME FOR THE GOVERNMENT AND POLICE. ARE U PUBLISHING THIS AS A NEWS ITEM?
අරගලය යනු ජනතා පීඩනය අවභාවිතා කල ත්‍රස්තවාදී ව්‍යාපාරයක් කියලා දිනෙන් දින ඔප්පු වෙනවා.
හොයලා බලන්න. එක්කො කොටි ඩයස්පෝරාව නැත්නම් අනෙක් අන්තවාදී ආගමික කණ්ඩායම් දෙකෙන් එකක් තමයි බර පැන දරලා ඇත්තෙ. අපි බලාගෙන ඉමු සත්‍ය එළියට එනතුරු.
Liver Health UK සංවිධානයේ හිටපු ජවිපෙ උපදේශකගේ පුතා වෙන්න බැරිද ඇණවුම හෝටලේට දුන්නේ..?
ජූලි 9 කොළඹට එන සියළුම මගීන්ට දුම්රිය ප්‍රවේශපත් මිලදීගත් යුවල ගැනත් සොයා බලන්න.
මට පේන විදියට රනිල්ට ආයෙත් ජොබ් එක දාලා යන්න වෙනවා මේ බහු බූත හොයන්න ගිහින්. මිනිස්සු ආයෙත් අරගල කරලා ගෝඨව ගේනවා සුවර්.
එතකොට හිටපු ඇමතින්ගේ පුත්තු ගිහින් ආන්ඩුවේ බිලට කාලා එන ඒවා අල්ලන්න බල්ලෙක්වත් නැද්ද? ඒවා රජයේ වගකීම්ද?
අරගලකරුවන්ට නොමිලේ නීතිඥ සහාය දුන්නා කියලා නීතිඥ සංගමයේ සභාපතිවත් අත්අඩංගුවට ගන්නකො පුළුවන්නම්.
රටේ තරුණයන් මේවට වගකියන්න ඕනෑ. සියලුම අරගල වලට සම්බන්ධ අන්තරය අත්අඩංගුවට ගෙන ජීවිතාන්තය දක්වා සිරගත කළ යුතුයි.
අන්න විස්තර එලියට ගන්න. දෙක දෙනකොට වමාරයි කවුද කන්න දුන්නේ කියලා. මහා අරගල කාරයෙක් video clip එකක් දාලා කියනවා NGO ඩයස්පොරාවෙන් සල්ලි ලැබුනා කියල ඔප්පු කරන්න කියලා.
මේක මාර වැඩක්නේ. අරගලකරුවෝ කෑම කාපු හැටිත් දැන් හොයනවද? අනෙක් මිනිස්සු වගේම තමයි අරගලකරුවෝත් කෑම කනවා. දැන් මේ ආණ්ඩුවේ ඉන්න සහ හිටපු අයත් කාපු විදිය කවුරු හරි හොයනවද...? මේ ආණ්ඩුවේ මන්ත්‍රිලා වැඩි හරියක් කෙරුවේ හොරා කන එකනේ...?
බෞද්ධ රටක දන්සල් දෙන්න තහනම් කියලා අපිනම් දැනගෙන හිටියේ නෑ.
ආහාර ලබා දීමත් නීති විරෝධී දෙයක්ද?
අලගලේ "ස්පොන්සර්ඩ්" කියන අදහස නිවැරදි කරන තවත් පුවතක්.
රටම වලපල්ලට දාලා, ජනතාව මහාපාරට වැටෙන තැනට වැඩකරපු දූෂිත පවුල් පාලනේට විරුද්ධව ජනතාව උද්ඝෝෂණය කරන්න පටන් ගත්තේ. කන්න බොන්න දෙන එක වැරැද්දක්ද? ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා කෑමබීම දීපු අයත් ඕනෑතරම්... මහජන මුදල් කාබාසිනියා කරලා දූෂිත දේශපාලුවන් කොයිතරම් දේවල් කෙරුවද? අරලියගහ මන්දිරයේ දන්සල් පාටි දැම්මා...
කොරෝනා කාලෙට විතරක් නොවෙයි අරගල කාලෙටත් දන්සල් තහනම් කියලා දැනගන්න. නොමිලේ කන්න ලැබෙනවානම් බලු කපුටු දානයක් උනත් කමක් නැහැ සමහරුන්ට.