(සුමිත් පොතුපිටිය සහ දයා හේමන්ත සිල්වා )
විවාහ මංගල උත්සවයක කුලී ගමනක් ගොස් අද සිය නිවස කරා එමින් සිටී ත්‍රිරෝද රථ රියදුරකු පෞද්ගලික බස් රථයක් ගැටී සිදුවූ අනතුරකින් මියගොස් ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේ පදිංචිව සිටී සුගත් දයානන්ද නමැති සිව්දරු පියෙකු බව පොලිසිය කීය.
මියගොස් ඇති තැනැත්තා ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයකට කුලී ගමනක් ගොස් නිවස කරා යමින් සිටියදී වස්කඩුවේ වාඩියමංකඩ හන්දියට ආසන්නයේ දී කළුතර දෙසින් පැමිණි බස් රථයක ගැටී අනතුර සිදුව ඇති බව පොලිසිය කීය.
බස් රථයේ ගැටුන ත්‍රීරෝද රථය එහි ඇමිනී මීටර් කිහිපයක් ඉදිරියට ඇදී ගොස් බරපතළ තුවාල ලබා සිටී තැනැත්තා කළුතර ශීක්ෂණ රෝහලට යොමුකිරීමෙන් පසු මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර , විමර්ශන කටයුතු නිමාවුවත් පසු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සොයිසා මහතාගේ ප්‍රධානත්වයෙන් කොස්තාපල්වරුන් වන නයනකුමාර (40173) සහ කාවින්ද (55236) යන මහත්වරු පරීක්ෂණ පවත්වති.
2025 දෙසැම්බර් මස 18
324
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රි රෝද රිය බසයක හැපී සිවුදරු පියා මරුට