(සනත් ගමගේ)

සූරියවැව ජාතික පාසල ආසන්නයේ නිවසක නතර කරතිබූ ත්‍රී රෝද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් මව සහ දියණියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සූරියවැව පොලිසිය කියයි.

ප්‍රදේශය හරහා හමා ගිය තද සුළඟින් ගස ත්‍රී රෝද රථය මතට කඩා වැටීමෙන් මෙම සිදුවීම  සිදුව තිබේ.

මෙම සිද්ධියෙන් 31 හැවිරිදි මව සහ අවුරුදු නවයක් වයසැති දැහැමි සිතුමි සහ අවුරුදු තුනක් වයසැති නෙත්මි නවෝද්‍යා යන දියණියන් දෙදෙනා ජීවිතක්ෂයට පත් ව ඇත.

මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේ ත්‍රී රෝද රථයේ මොවුන් තිදෙනා පමණක් සිට ඇති බව පොලිසිය කියයි.

ඡායාරූප - නුවන් ජයසේකර