(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලාංකික සංචාරකයන්ට තායිලන්තයට පැමිණීමට වීසා බලපත්‍රයක් අවශ්‍ය නොවන බවත් එලෙස තායිලන්තයට පැමිණෙන ශ්‍රී ලාංකික සංචාරකයන්ට දින 60 ක කාලයක් එරට රැඳී සිටීමට වලංගු වීසා බලපත්‍රයක් ලැබෙනු ඇති බවත් තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
මීට පෙර මෙම අවස්ථාව රටවල් 57 සඳහා තායිලන්ත රජය ලබාදී තිබූ අතර එය රටවල් 93 දක්වා වැඩි කිරීමට තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය කළ යෝජනාවක් මත පසුගියදා එරට කැබිනට් මණ්ඩලය අවසර ලබා දුන්නේය.
එම ලැයිස්තුවට අලුතින් එක්වූ රටවල් 36 අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් වී ඇති බවත් තායිලන්තයේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා ගෙන ඇති මෙම තීරණය හෙට(01) සිට ක්‍රියාත්මක වන බවත් එරට රජයේ ප්‍රකාශක චායි වචරොන්කේ පැවැසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තායිලන්තේ සංචාරක ව්‍යපාර දියුනු කරගන්න , යහමින් මුදල් වියදම් කරන සංචාරකයන් සිටින ලෝකයේ දියුණු බටහිර රටවලුත් ඇතුලත් රටවල් 93 කට නොමිලේ විස දෙනකොට , අපි විස දෙන්න ඩොලර් 100 බැගින් අය කරනවා ,හෝටලේ විදුලිස්ත්රිකෙන් රොටි පුච්චන් කන හිඟන සංචාරකයෝ එන රටවල් කීපෙකට පමණක් නොමිලේ විස දෙනවා , ලංකාවේ සංචාරක වියපාරේ සහ ආර්ථිකය දියුණු කරන්න නම් මේ ජනතාවරමක් නොමැති හොරු සෙට් එක ගෙදර යවන්න ඕනේ .
ඒ රටවල් එහෙම නොමිලේ වීසා දුන්නට අපට මල්ලට ඒක කරන්න බැහැ තව අවුරුදු 10 ක් දොළහක් යනකල්.ලංකා ආණ්ඩුව සතයක් වත් නොගත්තත් පිට රට ගිණුම් වලට යන කප්පම් මුදල දිගටම ගෙවන්න වෙනවා
අවධානයෙන් ඉන්න. මහත්තුරු විටින්විට අතුරුදහන් වෙයි. එසේ වුනොත් පාස්පෝර්ට් එක බලන්න සීල් වැදිලාද කියලා… මම දැනුවත්ව බොහෝ ලාංකිකයෝ තායි පනිනවා දවසට දෙකට කම්සැප විදින්න…
මෝඩ බමුණෝ ඩොලර් 50ට තිබුණු වීසා එක ඩොලර් 100 කරලා ඒකෙන් ඩොලර් 25 පිටරට සමාගමකට දෙන්න කටයුතු කළේ කැබිනට් මණ්ඩලේ අනුමැතිය අරන් නොවේද? ඒකේ ඉන්නේ දේශපාලකයෝ නොවේද? මේ කරපු මහ හොරකමට දේශපාලකයෝ ගාව ගන්නේ නැතුව ගාව දන්නේ කවුද?