
තායි අග්‍රාමාත්‍ය පෙටොංටාන් ෂිනවත්‍රාගේ රජයේ ප්‍රධාන හවුල්කාර පක්ෂය, සන්ධාන රජයෙන් ඉවත්වීමට සූදානම් වීමත් සමඟ තායිලන්තයේ දේශපාලන අර්බුදයක් නිර්මාණය වී ඇත.
තායි අග්‍රාමාත්‍යවරියගේ සන්ධාන රජය මෙසේ දෙදරා යෑමට පටන්ගෙන ඇත්තේ, අග්‍රාමාත්‍යවරිය, අසල්වැසි කාම්බෝජයේ හිටපු අග්‍රාමාත්‍ය හුන්සෙන් සමඟ රහසේ පැවැත්වූ දුරකතන සාකච්ඡාවක් ප්‍රසිද්ධ වීමත් සමඟය. හිටපු අග්‍රාමාත්‍යවරයා වුවත්, හුන්සෙන්ට තවමත් දේශපාලනික වශයෙන් විශාල පිළිගැනීමක් හිමිවෙයි.
තායිලන්තය සහ කාම්බෝජය අතරේ දේශසීමා අර්බුදය පවතින්නේ වසර ගණනක් තිස්සේය. පසුගිය මැයි මාසයේ දේශසීමා හමුදා සෙබළුන් අතරේ සිදුවුණු වෙඩි හුවමාරුවක් හේතුවෙන් මෙම අර්බුදය උත්සන්න විය. එම වෙඩි හුවමාරුවෙන් කාම්බෝජ සෙබළෙක් මියගියේය.
තායි අග්‍රාමාත්‍ය පෙටොංටාන් ෂිනවත්‍රා ඇගේ රජයේ සන්ධාන හවුල්කරුවන්ට ඒ බව නොදන්වා, කාම්බෝජයේ හිටපු නායක හුන්සෙන් සමඟ දුරකතන සාකච්ඡා පැවැත්වීම මෙම නව දේශපාලනික අර්බුදයට හේතුව වී ඇත.
අග්‍රාමාත්‍ය පෙටොංටාන් ෂිනවත්‍රා, ඉතා සුහදව හුන්සෙන් සමඟ කතා කරමින් පවසන්නේ, තායිලන්තයේ අනෙක් දේශපාලන පක්ෂවලට කන් නොදී, හමුදාවට කන් නොදී සාමකාමීව මෙම අර්බුදය විසඳීමට මැදිහත් වන ලෙසටය. මෙය තායිලන්ත හමුදා ප්‍රධානීන්ගේ ද දැඩි විරෝධයට හේතුවක් වී ඇත.
අග්‍රාමාත්‍ය පෙටොංටාන් ෂිනවත්‍රාට ඉල්ලා අස්වෙන්නැයි බලපෑම් එල්ල වීමට පටන්ගෙන ඇතැයි ද එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඊට අමතරව, මේ වනවිටත් තායිලන්තය සහ කාම්බෝජය අතරේ පවතින දේශසීමා අර්බුදය තවත් උත්සන්න වේවි යැයි ද බියක් හටගෙන තිබේ. පෙටොංටාන් ෂිනවත්‍රා යනු තායිලන්තයේ හිටපු අග්‍රාමාත්‍යවරියක වන තක්ෂින් ෂිනවාත්‍රාගේ දියණියයි.
2025 නොවැම්බර් මස 04
536
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1690
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තායිලන්ත අගමැතිනියට ඉල්ලා අස්වෙන්න බලපෑම්
Perera Friday, 20 June 2025 11:47 AM
ඉඩම් මායිම් ආරාවුල් ජාත්‍යන්තර මට්ටමින් සිදුවන තව එක අවස්ථාවක නිදසුනක්.