(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් මුම්බායිහිදී අද (3) රාත්‍රී පැවැති පළමු තරගයෙන් ඉන්දීය ක්‍රීඩකයෝ ලකුණු 2 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 163 ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිල ඕවර 20 අවසන් වන විට සියලු දෙනා දැවී ලකුණු 160 ක් රැස්කර සිටියේය.
දීපාක් හුඩා (නොදැවී 41) සහ අක්ෂේ පටෙල් (නොදැවී 31) හයවැනි කඩුල්ලට පන්දු 35 කින් ගොඩනැගූ ලකුණු 68 ක සම්බන්ධතාවෙන් ඉන්දීය පිල ශක්තිමත් විය.
ඉන්දීය පිල ඕවර 20 කදී කඩුලු 5 ට 162 (ඉෂාන් ක්‍රිෂාන් 37, හද්‍රික් පාණ්ඩියා 29, දීපාක් හුඩා නොදැවී 41, අක්ෂේ පටෙල් නොදැවී 31) ශ්‍රී ලංකා පිල ඕවර 20 කදී සියලු දෙනා දැවී 160 (කුසල් මෙන්ඩිස් 28, දසුන් ශානක 45, වනිදු හසරංග 21, චාමික කරුණාරත්න නොදැවී 23, ශිවාම් මාවි 22/4, උම්රාන් මලික් 27/2, හර්ෂාල් පටෙල් 41/2)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd